Skip to main content

මාතරින් හමු වූ නව හූනු විශේෂය




ශ්‍රී ලංකාවට ආවේණික දිවාසැරි හූනන් විශේෂ 25ට තවත් සාමාජිකයෙක්‌ අලුතින් එක්‌ ව සිටියි. නමින් Cnemaspis godagedarai වන මේ හූනන් විශේෂය දෙස්‌ විදෙස්‌ පර්යේෂකයන් පිරිසක ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ විසින් ඉකුත් දා වාර්තා කරන ලද්දේ දක්‌ෂිණ ශ්‍රී ලංකාවේ දෙවැනි අඩතැන්නේ පිහිටි තෙත් කලාපීය වනාන්තරයකිනි. මාතර දිස්‌ත්‍රික්‌කයට අයත් භූගෝලීයව හුදෙකලා ව පිහිටි වනාන්තරයක්‌ සහිත එම ප්‍රදේශය එන්සල්වත්ත නමින් හැඳින්වේ.

මේ සොයාගැනීමට මුල් වී සිටින්නේ ශ්‍රී ලංකා උභයජීවී සහ උරග පර්යේෂණ සංවිධානයේ ආචාර්ය ඇන්ස්‌ලම් ද සිල්වා, ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Villanova සරසවියේ ජීවවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇරන් එම්. බවර් (Aaron M. Bauer), ජෛවවිවිධත්ව සංරක්‌ෂණ සංගමයේ මාධව බොතේජු සහ ස්‌වභා ගවේෂණ සහ අධ්‍යයන කණ්‌ඩායමේ සුරංජන් කරුණාරත්න යන පිරිස ය.

නව විශේෂය වාර්තා වී ඇත්තේ තෙත්, සිසිල්, අඳුqරු, මානව බලපෑම් අවම, වඩාත් නොඋස්‌ උන්නතාංශයක පිහිටි (මීටර 860ට අඩු) වනාන්තරක හමු වන ගල් පර්වත මත හා ගල් ගුහාවලිනි.

මධ්‍යම ප්‍රමාණයේ දේහයක්‌ දරන නව විශේෂය ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන Cnemaspis ගණයට අයත් සෙසු හූනන් ගෙන් කැපී පෙනෙන ලෙස වෙන් කර හඳුනාගත හැක්‌කේ රූපමිතික සහ වර්ණමය ලක්‌ෂණවලිනි. මේ ගණයට අයත් හූනන්ගේ ඇස්‌ සාපේක්‌ෂව විශාල ය. ඉදිරියටත් ඉහළටත් යොමු වී ඇති ඇස්‌ රවුම් කනිනිකාවකින් යුතු ය. පුළුල් ව විහිදුණු ගාත්‍රා දිගු සිහින් ඇඟිලි දරයි. ඇඟිලි ශරීරය දෙසට ආනත වී ඇති අතර සංචරණය සඳහා උපයෝගී වන පූර්ණ උප අංගුලිකා කොට්‌ට (entire subdigital lamellae) දරයි.

පවත්නා දත්තවලට අනුව මෙකී හූනන් විශේෂයේ ව්‍යාප්තිය එන්සාල්වත්ත ප්‍රදේශයට පමණක්‌ සීමා වූවකි. (point endemic). හොඳ වන ආවරණයක්‌ සහිතව පවතින ගල් පර්වත මත හා ගල් ගුහා තුළ පිහිටි ක්‌ෂුද්‍රتවාසස්‌ථානයන්හි හමු වන මේ සතුන් පාෂාණ බිත්ති මත සංචරණය කිරීම සඳහා අනුවර්තනය වී ඇති බැවින් ස්‌ථානීය ව මෙන්ම වටපිටින් එල්ල වන තර්ජනවලට ද මොවුන් ගොදුරු වීමේ අවදානම ඉහළ ය. එබැවින් මොවුන් වෙසෙන හුදෙකලා වනාන්තර බිම් කැබැලිවලට විශේෂ සංරක්‌ෂණ ක්‍රියාමාර්ග අවශ්‍ය ය. වාසස්‌ථාන ආරක්‌ෂාව, පුළුල් පර්යේෂණ සහ ඒ ඒ විශේෂවලට විශේෂිත වූ ක්‍රියාකාරී කළමනාකරණ ක්‍රියාමාර්ග ඒ අතර වෙයි.

බොහෝ දුරට පාෂාණවාසී, ගොම්මන් කාලයේ වඩාත් ක්‍රියාශීලී මේ හූනන් ඇතැම් විට ශාක ආශ්‍රිත ව සහ භූමියෙහි ද ගැවසෙනු දක්‌නට ලැබේ. Cnemaspis ගණයට අයත් සාමාජිකයන්ගේ රූපාකාරය සහ වර්ණය ජීවත් වන පරිසරය අනුව හැඩගැසී ඇති බැවින් සැඟවී සිටීමට (Camouflage) පහසු ය. තව ද මේ ගණය මෑත වසරවල දී බොහෝ වර්ගීකරණ සමාලෝචනවලට හා නව විශේෂ හඳුන්වා දීම්වලට බඳුන් වී තිබේ.

Cnemaspis godagedarai නව විශේෂය ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකයකු වූ ගොඩගෙදර රටේ අදිකාරම් හට උපහාර පිණිස එනමින් නම් කර ඇති බව මේ සොයාගැනීමට සම්බන්ධ වූ මාධව බොතේජු විදුසර හා පැවසී ය. බ්‍රිතාන්‍ය පාලකයන් ඔහුට මරණ දණ්‌ඩනය නියම කළ අතර ඔහු ජාති ද්‍රෝහියකු ලෙස නම් කර තිබිණි. 2016 වර්ෂයේ දී මොහු ඇතුළු ඌව වෙල්ලස්‌ස කැරැල්ලට සම්බන්ධ වූ ජන නායකයන් 19 දෙනකු ජාතික වීරයන් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...