Skip to main content

”දීපු ඇමැතිකම එපා නම් අස්වෙලා යන්න” ජේ. ආර්. ගාමිණීට කියයි

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 මහ මැතිවරණයෙන් මන්ත‍්‍රීධුර 140 ක් දිනා ගනිමින් පිහිටුවන ලද නව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී ඔහුගේ සිතේ සුන්දර සිහින කීපයක්ම තිබූණේය. ඒ අතරින් එක් සිහිනයක් වූයේ ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දෙමින් රට සිංගප්පූරු ක‍්‍රමයට වැඩි දියුණු කිරීමය. ඒ වන විට වසර 30කින් නිම කිරීමට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය ඊට වඩා අඩු කාලයක් තුළ අවසන් කර තමන්ගේ ජීවිත කාලයේදීම එහි සාර්ථක ප‍්‍රතිඵල දැක ගැනීම ඔහුගේ ඊළඟ සිහිනය විය.

තමන්ගේ එම සුන්දර සිහිනයක් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අති දක්ෂයන් කීප දෙනෙකුද හෙතෙම කල්තියා තෝරාගෙන සිටියේය. එයින් එක් අයෙකු වූයේ පසු කාලයකදී ජේ. ආර්. ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ඉසිලූ රොනීද මැල්ය.

රොනී දක්ෂයා. එයාට ලේසියෙන්ම පුළුවන් මේ වැඩවලට මුදල් සොයාගන්නයි සිතූ ජේ. ආර්. ජයවර්ධන මහතා රටට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වාදීමේ කාර්යය ඒ වනවිට ගම්සභා මැම්බර් කෙනෙකුවත් නොවූ ලලිත් ඇතුළත්  මුදලි මහතාට පැවරීමටත්, මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය එවකට නුවරඑළිය එ.ජා.ප මන්ත‍්‍රීවරයා වූ ගාමිණී දිසානායක මහතාට පැවරීමටත් තීන්දු කරගෙන සිටියේ 1976 වසරටත් පෙර සිටය.

එහෙත් ජයවර්ධන මහතා තමන් තුළ පැවැති එම අනාගත බලාපොරොත්තු පිළිබඳව ඔවුන් තිදෙනාට නොපැවසීමටද පරෙස්සම් වූවේය. මේ අතර 1977 මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් එ.ජා.ප නායකයා විසින් පිහිටුවන ලද නව ආණ්ඩුවේ ඇමැතිවරුන් 23 දෙනා අතර රොනීට, ලලිත්ට සහ ගාමිණීට ඉතා වැදගත් අමාත්‍යංශ ලැබී තිබුණේය.

මෙහිදී රොනීද මැල් සහ ලලිත් ඇතුළත් මුදලියන මහත්වරුන් තමන් වෙත පැවරුණු ඇමැතිධූරවලින් සතුටට පත් වූවද ගාමිණී දිසානායක මහතා දැරුවේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයකි. වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග ඇමැති ධුරයට පත්කර සිටි ඔහු ඒ පිළිබඳව දැඩි නොකමැත්තකින් පසුවූවේය.

”මම මොනවද වාරිමාර්ග, මහාමාර්ග ගැන දන්නේ?” ”ඊටත් විදුලි බලය ගැන මම මෙලෝ හසරක් දන්න එකක් යෑ” යි කී ගාමිණී දිසානායක මහතා එම ඇමැතිධූරය භාරගෙන දිවුරුම් දුන්නද ඉතා ඉක්මනින්ම ලොක්කා හමුවී එය වෙනත් ඇමැති ධුරයක් සමග හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ වැවිලි කර්මාන්ත ඇමැතිධූරය ලබා ගැනීමටය. එහෙත් ලොක්කා ගාමිණීලවා මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය කඩිනමින් අවසන් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එසේම එය කළ හැකි වූයේ ගාමිණී දිසානායක වැනි ජවසම්පන්න තරුණ දේශපාලනඥයෙකුට පමණකැයි හෙතෙම තරයේ විශ්වාස කළේය. එහෙත් එ.ජා.ප නායකයා  අතින් සිදු වූ ලොකුම අඩුපාඩුව වූයේ තමන්ගේ සිතෙහි පැවැති අදහස අදාළ පුද්ගලයන්ට කල්තියා හෙළිනොකිරීමය.

මේ අතර තමන්ට ලැබුණු ඇමැතිධූරය ගැන දින කීපයක් අසතුටින් සිටි ගාමිණී දිසානායක මහතා අග‍්‍රාමාත්‍ය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. පී. බී. මැණික්දිවෙල මහතාට දුරකථන ඇමතුමක් ගත්තේ හදිසියේම සිතට නැගුණ අදහසක් අනුවය.
”මිස්ට මැණික්දිවෙල මට අද ලොක්කගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන දෙන්න පුළුවන්ද?’’

වහාම අග‍්‍රාමාත්‍යවරයාගේ රාජකාරි දිනපොත පෙරළා බැලූ මැණික්දිවෙල මහතා කියා සිටියේ එදින නොව පසුදා උදෑසන 8.00ට එතුමා හමුවීමට අවස්ථාවක් ලබාදිය හැකි බවය. 

”හරි මිස්ට මැණික්දිවෙල එහෙමවත් කරමු” යි කී ගාමිණී දිසානායක තමන්ගේ අවශ්‍යතාව ගැනද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම්වත් කළේය.

බහුල වශයෙන් තේ වගාව පැතිරුණ නුවරඑළිය වැනි ප‍්‍රදේශයක් නියෝජනය කරමින් ඡුන්ද 65,903 ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන්ට වාරිමාර්ග විදුලිබල සහ මහාමාර්ග වැනි විෂය ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව මෙලෝ හසරක් නොතේරෙන බැවින් ලොක්කාට කරුණු කාරණා පැහැදිලි කර වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

”හරි මම ලොක්කට ඒ ටිකත් කියල තියන්නං. ඔයා උදේට වෝඞ්ප්ලේස් එකට එන්න යි” කී මැණික්දිවෙල මහතා දුරකථනය විසන්ධි කළේය.

පසුවදා උදෑසන  ඇමැතිවරයා නියමිත වේලාවටත් පෙර වෝඞ් පෙදෙසේ ‘බ්‍රෙමාර්’ මන්දිරය වෙත ගියේ තම බිරියත් සමගය. ඒ සඳහා තම නිවසින් එළියට බසිද්දී දුටු පෙර මග නිමිති අනුව ඔහුට සිතුණේ තමන්ගේ බලාපොරොත්තුව ටක්කෙටම හරියන බවයි. එදින උදෑසන 8.00 ටත් පෙර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බ්‍රෙමාර් නිවසට පැමිණ සිටි ගාමිණී දුටු මැණික්දිවෙල මහතා දෑත් ඔළුවේ ගසා ගෙන ඉදිරියට දුව ආවේය.

”ගාමිණී දැන්නං යන්න එපා ලොක්කා ගාවට” ඔහු එසේ කියද්දී ගාමිණීට පුදුම හිතුණේය.

”ඉතින් මිස්ට මැණික්දිවෙලමනේ මට උදේ 8.00 එන්න කිව්වේ ඇයි දැන් මට ලොක්කා හම්බ වෙන්න යන්න එපයි කියන්නේ?”යි ඇසූ ගාමිණී දිසානායක මහතාට අවශ්‍යවූවේ ඒ සඳහා මුල් වූ හේතුව දැන ගැනීමටය.

‘‘ගාමිණී ලොක්ක කැමැති නෑ මුලින් ගත්තු තීරණයක් වෙනස් කරන්න’’

ඔහු එසේ කියද්දී ඇමැතිවරයාට සිතුණේ මැණික්දිවෙල මහතා තමන් කී දෑ නිසිපරිදි රාජ්‍ය නායකයාට කියා නැති බවය. ඉතින් ඔයා කිව්වේ නැද්ද මම වාරිමාර්ග, මහාමාර්ග ගැන කිසිදෙයක් නොදන්නව බව?”

‘‘මම කිව්වා ගාමිණී, ඒත් ලොක්ක කියන්නෙ වෙන කතාවක්නේ” යි කී මැණික්දිවෙල මහතා අග‍්‍රාමාත්‍යවරයාගේ තීරණය ගාමිණීට පැහැදිලි කරන්නේ කෙසේදැයි සිතමින් උඩබිම බැලූවේය.

‘‘ඇයි මොකක්ද එතුමා කියන්නේ?’’

ඇමැතිවරයා එසේ ඇසුවේ ප‍්‍රශ්නාර්ථය දෙනෙතට නංවා ගනිමිණි.

”ලොක්ක කියන්නේ ඔයාට දීපු ඇමැතිකම කරන්න බැරිනං ආණ්ඩුවෙන් අස්වෙලා යන්න” කියලයි. 

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා බිඳුණු හඬින් එසේ කියද්දී බලාපොරොත්තු සුන්කරගත් ගාමිණී දිසානායක මහතා මුහුණ බෙරි කරගෙන ආපසු හැරුණේය. කෙසේ වෙනත් ක‍්‍රියාශීලි අති දක්‍ෂයෙකු වූ ගාමිණී දිසානායක මහතා දින කීපයකින්ම එම විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව හසළ දැනුමක් ලබා ගත්තා පමණක් නොව තම රාජ්‍ය නායකයාගේ සිතැඟි ඉටු කරමින් තිස්වසරකට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය හය වසරක් තුළ නිම කිරීමටද සමත් වූවේය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...