Skip to main content

කොලෙස්ට්‍රෝල් අඩුකරන පිලිකා සෛල මඩින ලූනු




ආචාර්ය-චන්දිමා විජේගුණවර්ධන


ලොව වඩාත්ම භාවිතයට ගැනෙන එළවළුව ලෙස ලූනු හඳුන්වා දිය හැකිය. ලූනු වර්ග කිහිපයක්ම ඇති අතර වැඩිපුර වගා කෙරෙන්නේ බල්බ් නැමැති ලූනු වර්ගයයි. ඒවා බොහෝ පිරිසක් ආහාරයට එකතු කර ගනී. ලූනු තවාන වර්ගයට අයත් වේ.
ලූනුවල ගුණ
ලූනුවල ඇති ප්‍රබලම ගුණය වන්නේ ඒවායෙහි අඩංගු පිනොලික්ස් සහ ෆ්ලෙවනොයිඩ් නිසා කොලෙස්ට්‍රෝල් අඩු කරයි. පිළිකා සෛල මර්දනය කරයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි එදිදො රෝගවලින් ආරක්ෂා වේ. එසේම සිරුරේ විස හරණය කරමින් සුවසේ නිදා ගැනීමට ඉඩ සලසයි. මාංශ පේශී වර්ධනයටද ලූනු ඉවහල් වේ.
අතීතයේදී ලූනු භාවිතය
ලූනු වැඩිපුර ආහාරයට එකතු කළ විට සම පිරිසුදු වන බවට රෝමානුවෝ විශ්වාස කළ බැවින් සිරුර සම්භාහනය කිරීමට ලූනු යොදා හැදූ තෙල් භාවිත කර ඇත. සමහර ලෙඩ රෝගාදියට ඖෂධයක් ලෙසද ලූනු ආහාරයට එකතු කර ගැනීම වෛද්‍ය නියමයයි. ඒ අනුව ආහාර ජීරණය පහසු කිරීම, හිස රුදාව, කැස්ස, හිසකෙස් ගැලවී යාමේදී වැනි රෝග සඳහා ලූනු අනුමත කර ඇත. එමෙන්ම කාන්තාවන්ගේ මද සරු භාවය සඳහාද ලූනු ආහාරයට ගැනීමටද අනුමත කර ඇත.
ලූනුවල ඇති ගුණ අගුණ හඳුනා ගනිමු. (100 ට)
ශක්තිය  9.34 g
සීනි       4.24 g
කෙඳි     1.7 g
මේදය    0.1 g
ප්‍රෝටීන් 1.1 g

අඩංගු විටමින් වර්ග - B  0.046 mg , B 2- 0.027 mg, B 3- 0.116 mg, B 5- 0.123 mg, B 6- 0.12 mg, B 9- 19 ug,
ඛනිජ වර්ග
කැල්සියම්-23 mg
යකඩ      -0.21 mg
මැග්නීසියම්- 10 mg
මැංගනීස්    -0.129 mg
පොස්පරස්  -29 mg
පොටෑසියම් -146 mg
සින්ක්          -0.17 mg
අනෙකුත් ද්‍රව්‍ය
ජලය       -89.11 g
ෆ්ලෝරයිඩ්-1.1 ug
ලූනු ඉස්මේ ඇති ගුණ
ශරීරයට ඇතුළුවන විසබීජ සමඟ සටන් කර ඒවා නසන බැවින් මනා විසහරණ ගුණයක් ඇත. මුඛයේ ඇතුළත විසබීජ නසයි. මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකීමට සමට කරන ආලේපනයක් ලෙසද භාවිත කෙරේ. හිසකෙස් වැටීමට පිළියමක් ලෙසටත් රැලි වැටී ඇති මුහුණකට ඒවා අවම කර ගැනීමටත් උපයෝගී වේ.
polish නමැති කණ්නාඩි විශේෂය නිෂ්පාදනයේදී භාවිත කෙරේ. ඒවායේ යකඩවල ඇති විස ශරීරයට උරා ගැනීම අඩු කිරීමට ලූනු යොදා ගනී. කොලෙස්ට්‍රෝල්. පිළිකා සේම විස සහිත තත්ත්වයෙන් මිදීමට ලූනු මනා ඔසුවකි.
ලූනුවල ඇති අසාත්මිකතා
සමහරුන්ට ලූනුවලින් විවිධ අසාත්මිකතා ඇතිවේ. සමෙහි වෙනස්වීම් මෙන්ම කැසීමද ඇති කරයි.

ලූනු කැපීමේදී ඇස්වලින් කඳුළු එන්නේ ඇයි?
ලූනු කැපීමේදී සල්ෆනික් ඇසිඩ් ගණයට ඇතුළත් ඇමයිනෝ ඇසිඩ් පිටවීමෙන් ඇසේ සෛලවලට හානි සිදුවේ. මෙම ක්‍රියාවලිය නිෂ්පාදනයේදී ගෑස් වායුවත් සමඟ ඇස ගැටේ. ක්ෂණිකව දැනෙන නියුරෝන්ස් ක්‍රියාවලිය නිසා කඳුළු ගලයි.
තඳුළු ඒම මඟින් ඇස මතුපිටට පැමිණ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වේ. ගලා යන වතුර ළඟ සිට හෝ වතුර පිරවූ භාජනයක් ළඟ තබා ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකිය. ලූනු ගෙඩියේ යට කොටස තපා ඉවත් කර ගැනීමද සරල ප්‍රතිකර්මයකි. හේතුව යට කොටසේ සල්ෆර් වැඩි ප්‍රමාණයක් අඩංගු වීමයි.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...