Skip to main content

පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි

පෙරිටෝනියල් ඩයලිසිස් ක්‍රමය භාවිතයේදී නිවැරැදි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සහ නිසි පුහුණුවකින් අනතුරුව කළ යුතු බව මතක තබා ගන්න.
කිසිදු විස බීජයක් උදර කුහරය අභ්‍යන්තරයට ඇතුළු නොවන අයුරින් තරලය ඇතුළු කිරීම සහ ඉවත් කිරීම ඔබ සතු වගකීමයි. නැතහොත් උදර කුහරයට ඇතුළුවන බැක්ටීරියා නිසා උග්‍ර ආසාදන තත්ත්ව මතු විය හැකිය.
සුළු ආසාදනයක් නම් උදර කුහරයට ඇතුළු කරන ප්‍රතිජීවක මගින් පාලනය කළ හැකිය.
ඒත් තත්ත්වය බරපතළ නම් ඩයලිසිස් නළය උදර කුහරයෙන් ඉවත් කිරීමට පවා සිදු වේ. මෙහි ඇති තවත් සංකූලතාවක් වනුයේ ඩයලිසිස් නළය අවහිර වීම හෝ අවතැන් වීමයි. මෙවන් තත්ත්වයකදී අලුතෙන් නළයක් නැවත වතාවක් දැමීමට සිදු වේ.
තවද ඩයලිසිස් සඳහා භාවිත කරන විශේෂිත වූ තරලයේ සීනි අඩංගු වේ. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවද ඉහළ යා හැකිය. පරිතාන පටලය ආධාරයෙන් රුධිරය පිරිසුදු කෙරෙන බැවින් පටල ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා රුධිරය පිරිසුදු කිරීම අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවීමද තවත් සංකූලතාවකි.
වාසි -
hemodialysis ක්‍රමයට වඩා ඉතිරි වී තිබෙන වකුගඩු ක්‍රියාකාරීත්වය  ඒ මට්ටමින්ම බොහෝ විට රඳවා තබා ගැනීමේ හැකියාව ඇත.
වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්ට ද ප්‍රශ්නයකින් තොරව යොදා ගත හැකි වීම
තමන්ට නිවසේදී සිදු කළ හැකි අතර දෛනික රාජකාරීවලදනිරත වීමට හැකියාව ලැබේ.
විශාල කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත.
මීට අමතරව මෙම ක්‍රමයේදී දිනකට තරල ලීටර් 8ත් 10ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වේ. සතියකට ප්‍රමාණවත් තරම් හෝ ද්‍රාවන ගබඩා කිරීමේ පහසුකම්ද රෝගීන් සතු විය යුතුය.
එමෙන්ම පිරිසිදු ජලයෙන් දෙඅත් සෝදා ගැනීමෙන් මේ ඇසුරින් ඇති වන්නාවූ ආසාදන අවම කර ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම මේ සඳහා වෙන් කර ගත් වෙනම කාමරයක් රෝගියාට තිබිය යුතුය.කෙසේ වුවද ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙකී ක්‍රම දෙකම ඉතා  වියදම් අධික ප්‍රතිකාරයි. මෙබැවින් වකුගඩු රෝග මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි තරම් එයට ඇති අවදානම් තත්ත්ව වළක්වා ගැනීමත් යන කාරණා ද්විත්වයට අවදානය ලබා දිය යුතු වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...