Skip to main content

අබිරහස් අත් සටහන

මේ ලෙන පිහිටා ඇත්තේ, ඊජිප්තු සහ ලිබියා දේශසීමාවේය. ලෙන අයත් වන්නේ සහාරා කාන්තාරයේ ගල් ගොඩැලි සහ ක්ෂේම භූමි දක්නට ලැබෙන භූමි ප්‍රදේශයකටය.
මෙම ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික වැසියන් ලෙන හඳුන්වන්නේ ‘වඩී සූරා’ එසේත් නැතිනම් ‘මෘගයන්ගේ ලෙන’ යනුවෙනි. ලෙන් බිත්තිවල ආදි මිනිසාගේ සිතුවම් දකින්න ලැබේ. ඒ සිතුවම් අතර, මිනිස් අත් සටහන් ද ඇත. ඒවා එම චිත්‍ර ඇඳි සිත්තරුන්ගේ අත් සටහන්ය. එම අත් සටහන් අතර, තවත් කුඩා අත් සටහන් 13 ක් ද දකින්න ලැබේ. මේවා කුඩා දරුවන්ගේ අත් සටහන් නොවන බවත්, එම අත්සටහන් කාගේද, මොන විදියේ ජීවියකුගේ ද යන්න අබිරහසකි.
‘මෘගයන්ගේ ලෙන’ සොයා ගැනීමට සමත් වූයේ එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතු කළ ආධුනික පුරා විද්‍යා කණ්ඩායමකටය. ඒ, 2002 වසරේදීය. එය අහම්බෙන් සිදුවුණු දෙයකි. එම ගවේෂණය කළේ මසීමෝ, අහ්මද් මෙට්සිවාකී සහ ජැක්පෝ ෆොගීමී යන ගවේෂකයෝය. 2010 වසරේ දී ලෙන වැඩි දුර ගවේෂණය කෙරුණි. ඒ, කොලෝන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥ කණ්ඩායමක් යටතේය. මෙම ලෙන මීටර් 17 ක් පුරා විහිදී පවතී. උස මීටර් 7 කි.
මෙම ලෙනේ බිත්තිවල සිතුවම් 5,000 කට වැඩි ප්‍රමාණයක් දකින්න ලැබෙයි. සිතුවම් කහ සඑ රතු පැහැයෙන් යුක්තය. කළු සහ සුදු වර්ණ ද දකින්න ලැබෙයි. දඩයක්කරුවන් විසින් දඩයම් කළ විවිධාකාරයේ සතුන්ගේ රූප මෙහි දකින්න ලැබේ. ඇතැම් සතුන් යෝධ ව්‍යාඝ්‍රයන්, ගවයන් සහ උරගයන්ය. උරග සිරුරක් සහ මිනිසකුගේ මෙන් පාද ඇති සතකුගේ රූපයක් ද මෙහි ඇත. ඇතැම් සිතුවම් හොඳින් සුරැකී ඇති නමුත්, ඇතැම් සිතුවම් කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇත. ලෙන් බිත්තියේ ගල්වල කෙටූ සිතුවම් අවුරුදු 8,000 ක් පැරැණි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.
‘වඩී සූරා’ ලෙන ඇත්තේ සහරාවේ නැගෙනහිර දෙසට වන්නටය. මේ කාන්තාර භූමි කලාපය බටහිර යුරෝපය තරම් විශාලය. එය ඊජිප්තුවේ සිට ලිබියාවටත්, සුඩානයට සහ චැඞ් රාජ්‍යය දක්වාත් පැතිරී පවතී.  ලොව විශාලතම උණුසුම් මෙන්ම වියළි කාන්තාරය ලෙස සැලකෙන්නේ ද සහරාවය. වැසි ලැබුණත් එය වසරකට මිලිමීටර් දෙකක් පමණි.
ක්‍රි.පූ. 8,500 තරම් ඈත කාලයේ මේ කාන්තාර ප්‍රදේශය වැසි හොඳින් ලැබුණු සාරවත් බිමකි. වනාන්තරවලින් සහ තණබිම්වලින් සමන්විත වුණු මෙම ප්‍රදේශය දඩයම් සතුන් බෙහෙවින් මෙහි වාසය කර ඇත. දඩයමින් ජීවත් වුණු ආදී මිනිස්සු එසේත් නැතිනම් මානවයෝ මෙම ප්‍රදේශයට ඇදී එන්න වූහ. ක්‍රි.පූ. 5300 වෙද්දී, වර්ෂාව සෙමින් සෙමින් අඩුවී නැත්තටම නැතිවී ගොස් ඇත. ජනාවාස අකුළා ගත් මිනිසුන් කඳුකර පළාත්වල පදිංචියට ගොස් ඇත. ක්‍රි.පූ. 3500 වෙද්දී, මිනිසුන් සම්පූර්ණයෙන්ම මෙම පළාත හැර ගොස් ඇති බව පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාක්ෂි අනුව පැහැදිලි වෙයි.
නයිල් නදිය කේන්ද්‍ර කොට ගනිමින්, මිසර ශිෂ්ටාචාර බිහි වූයේත් පාරාවන්ගේ නැගී සිටීම සිදුවන්න ඇත්තේත් එසේ සංක්‍රමණය වුණු ජන කොට්ඨාශවලින් යැයි සැක කෙරේ. මිසර ශිෂ්ටාචාරය වසර දහස් ගණනාවක් ප්‍රෞඩත්වයෙන් බැබැලිණි. පාරාවන් එසේත් නැතිනම් රජවරුන්ගේ සොහොන් ගෙවල් ලෙස සැලකෙන යෝධ පිරමීඩ අද පවා දකින්න ලැබේ. මෙම යෝධ පිරමීඩ ඉපැරණි මෙන්ම නූතන ලෝක පුදුම අතරට ද අයත් වෙයි.
වඩී සූරා ලෙනෙහි දකින්න ලැබෙන අසාමාන්‍ය, කුඩා අත් සටහන් ගැන මානව විද්‍යාඥවරියක වන ඉමැනුවෙල් හොනොරේ අදහසක් ඉදිරිපත් කර ඇත. මේ අත් සටහන් පළමුවෙන් දුටු විට තමන් තැති ගැනීමකට ලක් වුණු බව ඇය වැඩි දුරටත් කියා සිටී. ඇගේ අදහස් ඉකුත් දා පළවුණු නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ දකින්න ලැබේ.
‘ඒවා කුඩා අත් සටහන්. පුංචි දරුවකුගේ වගේ. ඒත් පුංචි දරුවකුගේ අතකට වඩා කුඩයි. ඇඟිලි දිගින් වැඩියි. අසාමාන්‍යයි. මං හිතන්නේ ඒවා උරගයන්ගේ අත්  සහ පාද සටහන් කියලයි.’ ඇය පැහැදිලි කරයි. ඇය මේ බව පවසන්නේ, සති 37 සිට 41 තෙක් වයසැති කුඩා දරුවන්ගේත්, තලගොයන්, කබරගොයන් ආදී උරග විශේෂ කිහිපයකත් අත් සහ පාද සලකුණු මෙම ලෙන් සටහන් සමඟ සන්සන්දනය කර බැලීමෙන් පසුවය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...