Skip to main content

වෙජිටේරියන් වෙන හැටි

ශාක ආශ්‍රිත ආහාර වේලක ඇති ගුණාත්මකභාවය විවරණය කිරීමට මත්තෙන් වෙජිටේරියන් කාණ්ඩය පිළිබඳව දැනුම්වත් වී හිඳීම සුදුසුය. වෙජිටේරියන්  යෙදුමේ සාමාන්‍ය අර්ථය වන්නේ කිසියම් පුද්ගලයකු සත්ව ආහාර , සතුන් ආශ්‍රිත නිෂ්පාදනවලින් බැහැර වීමයි. 

ලැක්ටෝ වෙජිටේරියා
මෙය කිරි සහිත ආහාර  සහ කිරි නිෂ්පාදනයෙන් කෙරෙන චීස් , බටර් වැනි දෑ ඇතුළුව මී පැණි වර්ග එකතු කරමින් ශාක ආශ්‍රිත ආහාර ගැනීමයි. බිත්තර එකතු කරනු නොලැබේ. 

ඕවෝ වෙජිටේරියන්
බිත්තර ආහාරයට එකතු කර ගනිමින් සහ මී පැණි ආහාරයට  ගනිමින් ශාක ආහාරවලට හුරු වීමයි. මෙහිදී කිරි ආහාර සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන නොගැනේ.

ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන්ස්
බිත්තරත් , කිරි ආහාරත් ඇතුළුව සියලුම  මී පැණි වර්ග ආහාරයට එකතු කර ගනිමින් ශාක ආශ්‍රිතව ආහාර ලබා ගන්නා කණ්ඩායමයි.

වෙගන්ස්
මොවුන් බිත්තර, කිරි ආහාර, චීස්,බටර් වැනි ආහාර මී පැණි ආහාරයට එකතු කර නොගනිමින් තනිකරම ශාක ආහාර එකතු කර ගන්නා පිරිසයි.

ශාක ආහාර පමණක් ගැනීමේ වැදගත්කම
සිරුරේ බර අඩුවේ.
එංගලන්තයේදී සිදු කෙරුණු පිළිකා ආශ්‍රිත රෝගීන්ගේ පරීක්ෂණයේදී සත්ව ආහාර දිනපතා ගන්නා  පුද්ගලයන්ගේ බර අවුරුදු 05ක සිට ඉතා ශ්‍රීඝ්‍රයෙන් වැඩි වන බව සොයා ගෙන ඇත.

කොලෙස්ට්‍රෝල් අවදානම අඩුවේ.
මේ වන විට කොලෙස්ට්‍රෝල් ඇත් නම් එයද අඩු වේ.

ජීවිත අපේක්ෂාව වැඩි වේ
පිළිකා ආසාදිත සෛල වර්ධනය වීම අඩු කරයි
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසට  සත්ව ආහාර ගන්නා පුද්ගලයන්ට වඩා ශාක ආහාර ගන්නා පුද්ගලයන්ට පිළිකා අවදානම අඩු බව සොයා ගෙන ඇත.
විවධ රෝගවලට ගොදුරු නොවී සිටීමේ හැකියාව වැඩි වීම
 ශාක ආහාරවල නිධන්ගතව ඇති මේදය ඉතා අඩුය. ඉතා විශාල කෙඳි ප්‍රමාණයක් ඇත.එබැවින් සත්ව ආහාර  ගන්නා අයට වඩා ශාක ආහාර ගන්නා අය නිරෝගී වුවද ආහාර තාක්ෂණ ආයතනය මගින් පහත කරුණු අනාවරණය කර ඇත.

  • ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණවත්ද යන්න....
  • ආහාර අතරතුර ගන්නා කෙටි කෑම වර්ග මොනවාද?
  • කාබෝහයිඩ්ඩ්‍රේට් ආහාර මොනවාද?

සම්පූර්ණ යොදය සහිත කිරි සහ ඒ ආශ්‍රිත ආහාර වර්ග පිළිබඳ සැලකිලිමත්භාවය

වෙජිටේරියන් වෙන්නේ කොහොමද?
කාලීනව එකිනෙක අඩු කිරීමෙන් මේ සඳහා මුල පිරිය හැක. සමහරු එකපාරටම එළවළු ආහාරයට ගැනීමට යාමෙන් බඩේ අමාරුව වැනි ව්‍යාකූලතාද ඇති විය හැකිය. ක්‍රම ක්‍රමයෙන් හුරු වීම නුවණට හුරුය. සත්ව ආහාර කපා හැරීම ක්‍රම ක්‍රමයෙන් සිදු විය යුතු අතරම ඊට ආදේශක ලෙස පලතුරු, ඇට වර්ග, එළවළු එකතු කර ගන්න. ඇමරිකන් ‘ ඩයට්’ සඟරාව මගින් බර අඩු කර ගැනීමට වෙහෙසෙන ඔබ සඳහා උපදෙස් මාලාවක් ලබා දී ඇත.

  1. හොඳ රතු පාට ඇට වර්ග ආහාරයට එකතු කර ගන්න..(රතු හාල්, රතු සේරියල්, දුඹුරු පැහැ පිටි යොදා තැනූ පාන්)
  2. හොඳට සොයා බලන්න ඔබේ ආහාරයේ අවශ්‍ය කැලරි ප්‍රමාණය තිබේද යන වග
  3. කිරි ආහාර භාවිත කරන්න. ඔබ මේදය පිළිබඳ සැලකිලිමත් වනවා නම් මේදය රහිත කිරි භාවිත කරන්න.
  4. සතියකට බිත්තර සුදු මද 04කට වඩා ගැනීමෙන් වලකින්න..
  5. භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඔබ ගන්නේ මොනවාද යන්න හොඳින් තීරණය කරන්න.
  6. භාණ්ඩවල ඇති ලේබලය හොඳින් කියවා බලන්න..
  7. ඔබේ සෞඛ්‍ය ගැටලුවට සරිලන ආහාර විකුණන වෙළෙඳපොළ ගැන නිරතුරුව විමසිලිමත් වන්න

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...