Skip to main content

ඔබේ ගෙඋයනේ හෝ ගෘහාශ්‍රිත ව තිබිය හැකි විෂ සහිත විසිතුරු ශාක



විවිධ වර්ගයේ විසිතුරු ශාක සහිත, මනරම් ගෙඋයනක්‌ නිර්මාණය කරගැනීමට මෙන් ම විසිතුරු ශාක යොදාගෙන ගෘහාශ්‍රිත පරිසරයේ ආකර්ෂණීය බව වැඩි කරගැනීමට ද බොහෝ නිවැසියන් ඉහළ ප්‍රියතාවක්‌ දැක්‌වීම වර්තමාන සමාජයේ ඉතා සුලබ ය. මේ නිසා දේශීය මෙන් ම විදේශ රටවලින් අප රටට ආනයනය කරන ලද විසිතුරු ශාක සඳහා ද ඉතා හොඳ වෙළෙඳපොළක්‌ රට තුළ නිර්මාණය වී පවතී.

ඇතැම් ශාක වෙනත් ජීවීන් ගෙන් සිදු විය හැකි හානි වළක්‌වාගැනීමේ යාන්ත්‍රණයක්‌ ලෙස විවිධ විෂ සහිත රසායනික සංයෝග නිපදවා ශාක පටක තුළ ගබඩා කරයි. එම නිසා ඉතා ආකර්ෂණීය පෙනුමක්‌ සහිත ශාක විසිතුරු ශාක වවන්නන් අතර ජනප්‍රිය වුව ද ඇතැම් ශාක විෂ සහිත විය හැකි ය. කුඩා දරුවන්, අතට හසු වන බොහෝ දැ මුව තුළට දමාගැනීමට පෙලඹෙන නිසා විෂ සහිත ශාකයක පත්‍ර කැබැලි, මුල් කැබැලි, ඵල හෝ මල් වැනි කොටසක්‌ මුවට දමා සැපීම ඇතැම් විට මාරාන්තික විෂ තත්ත්වයක්‌ ඇති වීමට හේතු විය හැකි ය. එම නිසා ඔබේ ගෙඋයනේa හෝ ගෘහාශ්‍රිත ව හෝ තිබිය හැකි විෂ සහිත විසිතුරු ශාක පිළිබඳ ව දැනුවත් වීම මඟින් විශේෂයෙන් ම කුඩා දරුවන්ට එම ශාකවලින් සිදු විය හැකි අනතුරුවලින් ඔවුන් වළක්‌වාගැනීමට ඔබට හැකි වනු ඇත.

Araceae හෝ හබරල ශාක කුලයට අයත් විවිධ ශාක විශේෂ මෙන් ම ශාක ප්‍රභේද විසිතුරු ශාක ලෝලීන් අතර ඉතා ප්‍රකට ය. ඒ සඳහා ප්‍රධානතම හේතු වනුයේ එම ශාක විවිධ වර්ණ හෝ වර්ණ සංයෝජන සහිත විසිතුරු පත්‍ර දැරීමත්, ශාක සඳහා අවම නඩත්තුවක්‌ අවශ්‍ය වීම හා විවිධ ආලෝක තීව්‍රතාවන් ප්‍රිය කරන ශාක සුලබ වීමත් ය. එම නිසා මේ කුලයට අයත් විවිධ ශාක විශේෂ මෙන් ම ප්‍රභේදයන් ගෙඋයන මෙන් ම ගෘහාශ්‍රිත පරිසරය අලංකරණය සඳහා ද බහුල ව යොදාගැනෙයි. එහෙත් මේ ශාක පටක තුළ අඩංගු වන කැල්සියම් ඔක්‌සලේට්‌ නම් රසායනික සංයෝගයෙන් සෑදුණු සිහින් ස්‌ඵටික නිසා මේ ශාක විෂ සහිත විය හැකි ය. Araceae කුලයට අයත් විෂ සහිත විය හැකි පහත සඳහන් ශාක විශේෂ/ප්‍රභේද ඔබ ගෙඋයනේ හෝ ගෘහාශ්‍රිත ව තිබිය හැකි ය (රූපය අංක 1).

රූපය 1හි දැක්‌වෙන මල් හබරල ලෙස අප රටේ පොදුවේ හඳුන්වනු ලබන ශාක විශේෂ, විසිතුරු ශාක ලෙස ඉතා ප්‍රචලිත ය. Angel's Wings යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වනු ලබන ශාක, උද්භිද විද්‍යාත්මක ව Caladium යන ශාක ගණයට අයත් මේ ශාක, රතු, දම් හා සුදු ආදි වර්ණ හෝ වර්ණ සංකලන සහිත පත්‍ර දරන ශාක විශේෂ/ප්‍රභේද ලෙස දක්‌නට ලැබේ.

රූපය 2හි දැක්‌වෙන, කොටකිඹුල ලෙස අප රටේ පොදුවේ හඳුන්වනු ලබන ශාක විශේෂ ගෙඋයන් හෝ ගෘහාශ්‍රිත ව ඉතා සුලබ ව දක්‌නට ලැබේ. Dumb cane යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වනු ලබන මේ ශාක විශේෂ, උද්භිද විද්‍යාත්මක ව Dieffenbachia‌ යන ශාක ගණයට අයත් ය. ශාක පත්‍රවල මූලික පැහැය කොළ පාට වන අතර සුදු පාට, තද කොළ පාට, කොළ පාටට හුරු කහ පැහැති තිත් හෝ ඉරි සහිත මෙන් ම රතු පැහැති තිත් සහිත විසිතුරු පත්‍ර දරන විවිධ විශේෂ/ප්‍රභේද දක්‌නට ලැබේ (රූපය අංක 2).

උද්භිද විද්‍යාත්මක ව Philodendron යන ශාක ගණයට අයත් ශාක විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක්‌ ගෙඋයන්වල හෝ ගෘහාශ්‍රිත පරිසරවල විසිතුරු ශාක ලෙස වගා කෙරෙයි. රූපය 3හි Philodendron විශේෂ කිහිපයක්‌ දක්‌වා ඇත. මේ ශාක, වැලක්‌ ලෙස හෝ කුඩා පඳුරක්‌ ලෙස හෝ මෙන් ම අපිශාක ලෙස වෙනත් ශාකයක්‌ මත ද වැඩීමට සැලැස්‌විය හැකි ය. සාමාන්‍යයෙන් ශාක පත්‍ර කොළ පැහැති වන අතර, රතු, දම් හෝ තඹ පැහැති පත්‍ර සහිත ශාක විශේෂ ද විසිතුරු ශාක ලෙස වගා කෙරෙයි (රූපය අංක 3).

ඉහත විස්‌තර කළ Araceae හෝ හබරල ශාක කුලයට අයත් වන, Caladium, Dieffenbachia සහ Philodendron යන ශාක ගණයන්ට අයත් ශාක විශේෂ ස්‌වාභාවික පරිසරයට නිදහස්‌ වුව හොත් එම පරිසරයේ ඇති අනෙක්‌ විශේෂවල පැවැත්මට තර්ජනයක්‌ වෙමින් ශීSඝ්‍ර්‍ර ව වර්ධනය වීමට නැඹුරුතාවක්‌ දැක්‌වීම පාරිසරික ගැටලු සඳහා ද හේතු විය හැකි ය.

ඉහත සඳහන් කල ශාකවලට අමතර ව Apocynaceae ශාක කුලයට අයත් වන කනේරු යන පොදු නාමයෙන් ද, Rose laurel යන ඉංග්‍රීසි නාමයෙන් ද, Nerium oleander L. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ද හඳුන්වනු ලබන ශාක විශේෂය උද්‍යාන ශාකලෝලීsන් අතර ඉතා ප්‍රකට ය (රූපය අංක 4).

මේ ශාකය කාෂ්ඨීය කඳක්‌ සහිත පඳුරු ආකාරයට හෝ කුඩා වෘéයක්‌ ලෙස වර්ධනය වන අතර ශාකය කප්පාදු කිරීම මඟින් අවශ්‍ය ආකාරයට හැඩගස්‌වාගත හැකි ය. මේ ශාකය සූර්යාලෝකය ප්‍රිය කරන අතර උණුසුම් කාලගුණ සහිත ප්‍රදේශවල වගා කළ විට වසර පුරා ම මල් හට ගනී. රතු, සුදු හෝ රෝස ආදි විවිධ වර්ණයෙන් යුත් මල් හටගන්නා ප්‍රභේද සහිත වීමත් වසර පුරා ම ශාකය කොළ පැහැති පත්‍ර දැරීමත් මේ ශාකය විසිතුරු ශාකයක්‌ ලෙස ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතු ලෙස සැලකිය හැකි ය. ශාකයේ සියලු ම කොටස්‌ කුඩා ළමයින්ට මෙන් ම වැඩිහිටියන්ට ද විෂ සහිත වන අතර මාරාන්තික ද විය හැකි ය. ශාක පටකවල අඩංගු රසායනික සංයෝග වන නෙරියොසයිඩ (Nerioside), ඔලින්ඇන්ෙඩ්‍රාසයිඩ් (Oleanandroside) හා ඔලිඇන්ඩි්‍රන් (Oleandrin) ශාකයේ විෂභාවයට හේතු වේ.

ඉතා ආකර්ෂණීය පෙනුමක්‌ සහිත ඇතැම් විසිතුරු ශාක විෂ සහිත විය හැකි අතර වෙනත් පාරිසරික ගැටලු සඳහා ද හේතු විය හැකි බැවින් ඔබ විසිතුරු ශාක තෝරාගැනීමේ දී එම ශාක පිළිබඳ ව දැනුවත් වී තිබීම ඉතා වැදගත් වනු ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...