Skip to main content

ගැබ්ගෙල පිළිකාව වළක්වන මග

ගැබ්ගෙල පිළිකාව ලෝකයේ කාන්තා පිළිකා අතරින් දෙවැනි වන්නේ පියයුරු පිළිකාවට පමණි. අපේ රටේ මෙම පිළිකාවෙන් වසරකට 1300 ක් පමණ මියයන බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබේ. මේ නිසා සෑම කාන්තාවක්ම මෙම පිළිකාව ගැන දැනුවත්වීම ඉතාම වැදගත් වේ. ඒ අපේ රටේ රජයේ රෝහල්වල වසරකට බරපතළ තත්ත්වයට පත් වූ ගැබ්ගෙල පිළිකා රෝගීන් 900 ක් පමණ හමුවන නිසාය.

වළක්වාගන්න පුළුවන්ද?
මෙම පිළිකාව මුලදී හඳුනා ගතහොත් සුව කළ හැකිය. ඒ PAP නම් පරීක්‍ෂාව මගිනි. මෙම පරීක්‍ෂණය මගින් අසාමාන්‍ය සෛල සහිත පෙර පිළිකා අවධියේදී හඳුනා ගතහොත් ප‍්‍රතිකාර මගින් ගැබ්ගෙල පිළිකාවබවට පත්වීමට පෙර වැළැක්විය හැකිය. එසේම ගැබ්ගෙල පිළිකාවට හේතු කාරකයක් වන HPr (Human Papilloma Virus) වෛරසය මර්දනය කරන ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම මගින් ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැකිය.

හැදෙන්නේ කොහොමද?
ගැබ්ගෙල පිළිකාව හැදෙන්නේ යෝනි මාර්ගයට විවෘත බාහිර විවරය අසලය. එහි කාලයක් තිස්සේ සිදුවන අසමාන්‍ය ෙසෙල වර්ධනයක් පිළිකාවබවට පත් වේ. මෙය ක‍්‍රමයෙන් සිදුවන්නකි. ගැබ්ගෙලේ මතුපිට අවිච්ඡුදා නම් ස්ථරයේ අසාමාන්‍ය වේගයෙන් සිදුවන ෙසෙල බෙදීමක් වසර 5 -15 දක්වා කාලයකින් පිළිකාවක්බවට පරිවර්තනය වේ.
මෙසේ අසාමාන්‍ය ෙසෙල බෙදීමක් තිබෙන සෑම කාන්තාවකටම එය පිළිකාවක්බවට පත්වන්නේ නැත. ඉන් 20 - 30 කට පමණ ඉබේම එය ප‍්‍රකෘති තත්ත්වයට පත් වේ. මේ අසාමාන්‍ය ෙසෙල බෙදීම ආරම්භවන මුල් අවදියේ එනම් පෙර පිළිකා අවදියේදී (PreCancerous Stage) රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරයි. එහෙත් ගැබ්ගෙල ශ‍්‍රාව පටල (PAP Smear) පරීක්‍ෂණය කිරීමෙන් එය සොයාගත හැකිය. මෙම අවස්ථාවේ ඇති ගැබ්ගෙල පිළිකාවක්බවට පත්වීමට පෙර නිවැරදි ප‍්‍රතිකාර මගින් සුව කළ හැකිය. මෙම යෝනි මාර්ග පරීක්‍ෂණයකින් පසු ගැබ්ගෙලින් ලබාගන්නා ශ‍්‍රාවයක් වීදුරු කදාවක් මත ආලේප කරයි. ඉන්පසු රසායනාගාරයක දී අන්වීක්‍ෂණයක් මගින් ෙසෙල බෙදීමේ ශීඝ‍්‍රතාව අනුව වර්ගීකරණය කරනු ලැබේ.
එම වාර්තා සාමාන්‍ය ගැබ්ගෙලත් පෙර පිළිකා අවදියක් ඇති ගැබ්ගෙලත් අතර සලකා බලනු ලබයි. එහිදී නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට නොහැකි වුවහොත් එය අසම්පූර්ණ අසාර්ථක සාම්පලයක් ලෙසට සලකනු ලැබේ. මෙම පිළිකාව පෙර පිළිකා අවදිය, සාමාන්‍ය පිළිකා අවදිය තිව‍්‍ර පිළිකා අවදිය ලෙස වර්ගීකරණය කරයි. එය CIN-I,II, IIIලෙසට වර්ග කරයි. මෙවැනි CIN-I එනම් පෙර පිළිකා අවදියේ දී වාර්තාවක් ලැබී නම් ඒ ගැන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය. ඉන්පසු තවදුරටත් රෝග තත්ත්වය හඳුනා ගැනීමට PAP පරීක්ෂණයක් කරනු ලැබේ. මේ අවස්ථාවේදී නාරිවේද වෛද්‍යවරයා පරීක්‍ෂණය කිරීම හෝ ප‍්‍රතිකාර සඳහාත් යොමු කරනු ලැබේ. මෙම CIN-Iඅවස්ථාව නැවත පිළිකාමය නොවන හෝ පිළිකා තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ.
මෙවැනි රෝගීන් නැවත ප‍්‍රති විපරම් කිරීම අත්‍යවශ්‍යය. එවැනි තත්ත්ව ගණන් නොගෙන සිටියොත් රෝගය ක‍්‍රමයෙන් වැඞී බරපතළ පිළිකාවක්බවට පත්වනු ඇත. පරීක්‍ෂණ වාර්තාව සාමාන්‍ය වාර්තාවක්බවට සඳහන් වුවත් මෙවැනි සැක සහිත රෝගීන් වසර පහකට වරක් PAP පරීක්‍ෂණය සිදුකර ගත යුතුය. ඉහත පරීක්‍ෂණය ආසාදන සහිත පටල වාර්තාවක් වුවහොත් හෝ එය අසම්පූර්ණ වාර්තාවක් ලෙසට සඳහන් වුවහොත් ඒ සඳහා නැවත PAP පරීක්‍ෂණයක් කිරීමට සිදු වේ. මෙහිදී ආසාදන සහිත නම් ඒ සඳහා ප‍්‍රතිකාර ලබා දී නැවත PAP පරීක්ෂණයට ලක් කරයි. මෙසේ කාන්තාවන් උනන්දු වී PAP පරීක්‍ෂණය සඳහා යොමු වුවහොත් එය සැක කටයුතු අවස්ථාවේදීම හඳුනාගෙන සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය. සාමාන්‍යයෙන් කාන්තාවන් 1800 ක් පමණ ගැබ්ගෙල PAP පරීක්‍ෂණයට යොමු වුවහොත් ඉන් එක් අයෙකු මෙම පිළිකාවට ගොදුරු විය හැකි හෝ ඒ සඳහා අවදානම් සහිත හෝ රෝගියෙකු බවට හඳුනාගත හැකිය.

ගැබ්ගෙල පිළිකාවට හේතුවන HPV  වෛරසය
ගැබ්ගෙල පිළිකාවලට බොහෝදුරට හේතුවන්නේ HPV එනම් (Human Papilloma Virus) එකය. මෙම වෛරසයට බහු ලිංගික සබඳතා පවත්වන අය බෙහෙවින් ගොදුරු විය හැකිය. මේ හැර දිගු කලක් උපත් පාලන පෙති ගැනීම, දුම්පානය කිරීම, අඩු වයසේදී විවාහවීම, HIV ආසාදනයට ගොදුරුවීම වැනි අවදානම් සාධක ඇති අය වැඩි වශයෙන් ගොදුරු වේ. එනිසා තමාට ඉහත සඳහන් අවදානම් සාධක තිබේ නම් හෝ සැක සහිත නම් PAP පරික්‍ෂාවට යොමුවීම ඉතාම වැදගත්ය. ඉන් බොහෝදුරට ගැබ්ගෙල පිළිකාවෙන් වැළකීමට හැකි වේ.


පිළිකාව වැළැක්වීමට එන්නතක්
ගැබ්ගෙල පිළිකාවට 99‍්‍% ක්ම හේතුවන HPV වෛරස් ආසාදනයට විරුද්ධව කි‍්‍රයා කරන ප‍්‍රතිශක්තිකරණ එන්නතක් අපේ රටටද හඳුන්වා දී තිබේ. එය වයස අවුරුදු 10 -11 අතර එනම් 6 වසර දැරියන්ට මාත‍්‍රා දෙකකින් ලබාදීමට රජය මගින් නිර්දේශ කර තිබේ. මෙම එන්නත ලබාදීමෙන් ඉදිරියේදී ගැබ්ගෙල පිළිකාවෙන් 80%ක් පමණ වැළකිය හැකිය. ඒ ප‍්‍රතිශක්තිකරණය ලබාදීම නිසාය. මෙම එන්නත ඉහත සඳහන් වයසේදී මෙන්ම ඉන් පසුවත් ප‍්‍රථම ලිංගික එක්වීමට පෙර ලබාගත යුතු බවද සඳහන් කළ යුතුය.

ආර්ථවහරණයෙන් පසුවත් හැදෙනවාද?
ආර්ථවහරණයෙන් පසුව වුවත් සෑදිය හැකිය. යම් කාන්තාවකට මාස්ශුද්ධිය නතර වූ පසු (ආර්ථවහරණයෙන් පසු) රුධිර වහනයක් වුවහොත් හෝ මාස් ශුද්ධිය තිබෙන කෙනෙකුට එය අතරතුර නැවත ශුද්ධවීම සිදුවුවහොත් වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේම ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනයක් වේ නම් එය මෙම පිළිකාව දැයි සැක කළ හැකි ප‍්‍රබල සාධකයකි. එවැනි තත්ත්වයක් පවතී නම් පමා නොකර නාරි වේද විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...