Skip to main content

රුධිර පීඩනය අඩු අයට නියම ඔසු මෙන්න

රුධිර පීඩනයේ අඩුවීම ඌන රක්තචාපය හෙවත් අඩුරුධිර පීඩනයයි. ඛදඅ ඉකදදා චරුිිමරු  රැයහචදචසැිසි ිමඉඑැබිසදබ නමින්ද හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කිසිදුු රෝගයකට සම්බන්‍ධතාවක් නොමැතිව ස්වාභාවික අවස්ථාවක් ලෙසද ශරීරයේ ස්වභාවයක් ලෙසද සැලකිය හැකිය. සමහර පවුල්වලටද මෙය ආවේනික තත්ත්වයක් ලෙස පවතී. මෙය රෝග තත්ත්වයක් ලෙස ගණන් ගෙන ප‍්‍රතිකාර කිරීමට යෑමෙන් අනවශ්‍ය ඖෂධ සිරුරට දමා ගැනීමක් සිදුවෙයි. වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීමටද ඉඩ ඇත. ශාරීරික ඉරියව් වෙනස් විමෙන්ද මෙම තත්ත්වය හටගනී. එම නිසා මේ තත්ත්වය ස්වභාවික අවස්ථාවක් ලෙස සාමාන්‍යයෙන් ගණන් ගැනේ.  
එහෙත් ශරීරට දැනෙන දුබලභාවය, නිතර දැනෙන තෙහෙට්ටුව, පොඩි වෙහෙසවීමකදී පවා මහන්සියක් දැනීම, යන රෝග ලක්‍ෂණ දැනේ නම් වෛද්‍යවරයෙකු කරා ගොස් රුධිර පීඩනය මැන බැලීමෙන් මෙම තත්ත්වය වටහා ගත හැකිය. මේ අයගේ ආකුංචන පීඩනය 70ට වඩා අඩුනම්, ප‍්‍රසාරණ පීඩනය 110ට වඩා අඩු නම්, රුධිර පීඩනයේ අඩු බවක් ඇති බව වටහා ගෙන ජීවත් විය යුතුය. වෙනත් රෝග අවස්ථාවලට ප‍්‍රතිකාර කරන විට එය දැන සිටීම නිසා වෛද්‍යවරුන්ට ඖෂධ තෝරාගැනීම පහසු වෙයි. 


 සිරුරට ආවේනික තත්ත්වය 
හැරුනවිට මේ තත්ත්වය ඇතිවෙන අවස්ථා පහත ස`දහන් ලෙස දැක්විය හැකිය. බොහෝ වෙලා සිටගෙන සිටින 
රැුකියාව කරන සොල්දාදුවන් වැනි අයටද, ක්‍ෂය රෝගය වැනි ශරීරය දුර්වල වන රෝග තත්ත්ව වලදීද, නිධන්ගත විෂාණු ජනිත රෝග වලින් පීඩිත වූවිටද :ජරදබසජ ෂබෙැජඑසදබ*මානසික ආවේගවලින් නිතර පීඩාවට පත්වෙනවිටද, ස්වප්න මෝචනය වැනි මානසික පීඩාවලින් පෙළෙන නින්ද නොයන අයටද, ග‍්‍රහනී හා ආමාශ ක්‍ෂත වලින් පෙළෙන විටද, ශරීර කෛශික ධමනි  ඕනෑවට වඩා පළල් වීමෙන් මොළයට හා හෘදයට රුධිර සැපයීම අඩාල වීමෙන්ද, ඉහළ අහසේ රැුකියාවේ නිරත වන අහස් නැවියන්ටද,තෛරොයිඩි ග‍්‍රන්ථියේ ක‍්‍රියා හීනවීම නිසාද, වෘක්කරෝග නිසාද, හදිසි අනතුරුනිසා ඇතිවෙන අධික රක්තශ‍්‍රෘව නිසාද, පණූ රෝග වලින් පීඩාවට පත්වී රුධිරය අඩු තත්ත්වයෙන් පීඩාවට පත්වූ විටද, යන කාරණා නිසා රුධිර පීඩනය අඩුවෙයි  
මෙම රෝගීනට ප‍්‍රතිකාර කරන විට රෝග නිදානය සොයා බැලීම ඉතා අවශ්‍යය. නාඩිබලකාරක ඔසුදීම සුදුසුය. දශමුලාරිෂ්ඨ, අර්ජුනාරිෂ්ඨ, ද්‍රක්‍ෂාසවය වැන් අරිෂ්ඨ ආසවයන්ද, කස්තුරි, කපුරු, මකරද්වජ වැනි හෘදය බලකාරක ඔසුද, කුරුඳුපොතු, කරාබුනැටි, සාදික්කා, කොල්ලූ, බෙලිමුලේ පොතු, නස්නාරංමුල් වැනි හෘදය බලකාරක ඖෂධ වර්ගද තේ කෝපි සහ පැහීගෙන එන රාද යකෘත්සාරය හෙවත් පීකුදු ආහාර පිණිසද ගැනීම සුදුසුය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...