Skip to main content

විටමින් ඩී අඩංගු ආහාර අවශ්‍ය ඇයි කියා දන්නවාද

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන පැහැදිලි කරයි

ලෝකයේ සංවර්ධිත රටවල නම් විටමින් ඩී ඌනතාව එතරම් දැකීමට නොහැකිය. වෛද්‍යවරුන් ජනතාව නිතර දැනුම්වත් කිරීම සහ හොඳ ආහාර වේලක් නිරන්තරයෙන් ආහාරයට එකතු කර ගැනීම නිසා මෙම රටවල ප්‍රබල ලෙස විටමින් ඩී ඌනතාව දැකිය නොහැකිය. ඒත් පොදුවේ ලෝක ජනගහනය සහ වයසට යාමත් සමඟ ඇතිවන සුලබ රෝගී තත්ත්වයක් ලෙස මෙය දැක්වීමට පුළුවන.
කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය නොවීම, වැඩිහිටියන්ගේ අස්ථිවල ඇති දුර්වලතා , ඉරි තැලීම, කැඩීම වැනි භයානක තත්ත්ව උද්ගතවේ. මේ අතර අස්ථිවල ඇති ගුණාත්මකභාවය අඩු වීම නිසා කුඩා වැටීමකදී වුවද ඒවා ලෙහෙසියෙන්ම කැඩීමටත්, ඉරිතලා යාමටත් ලක්වේ. මෙය ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. හිරු එළියේ ඇති අහිතකර හිරු කිරණ පිළිකා වර්ධනයට උපකාර කරන බැවින් හොඳ විටමින් ඩී ප්‍රමාණයක් ලබා ගත නොහැකිවේ.
මේ උදෙසා වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස නම් විටමින් ඩී අඩංගු ආහාර තමාගේ එදිනෙදා ආහාර වේලට පිටතින් හැකි පමණ එකතු කර ගත යුතු බවයි. ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු රටවලද දැකීමට හැකි සුලබ රෝගී තත්ත්ව ලෙස කැල්සියම් ඌනතාව සහ පොස්පරස් ඌනතාව හඳුන්වා දෙන්න පුළුවනි. මීට මුඛ්‍ය හේතුව වන්නේ ඔවුන්ගේ අස්ථිවලට නිසි පමණ විටමින් ඩී  නොලැබී යාමයි. මෙම විටමිනය නොලැබී යාම මත කුඩා දරුවන්ගේ  අස්ථි නිසි පරිදි වර්ධනය නොවේ. සියුම් ලෙසින් වර්ධනය වන අස්ථි ගුණාත්මක බවින් අඩුවේ. ඇතැම් මවුවරු තම දරුවන්ට මවු කිරි දීම පමණක් සිදු කෙරේ. දරුවාට අවශ්‍ය විටමින් ඩී නොලැබීම නිසා ඉතා කුඩා අවදියේම විටමින් ඩී ඌනතාවට ගොදුරු වේ. මෙය වෛද්‍ය විද්‍යාවේදී Rickets නම් රෝගී තත්ත්වය ලෙස හැඳින්වේ. වැඩිහිටි පුද්ගලයන් අතර විටමින් ඩීඌනතාව Osteomalacia යනුවෙන් හැඳින්වේ.
ශරීරයේ අස්ථි සිනිඳු වීම නිසා කොඳු ඇට පේළිය නැමීමේදී නොඑසේනම් කකුල් දෙක පහළට නැමීමේදී මාංශ පේශීවල දුර්වලතාද ඇති විය හැකියි. වෙව්ලීම වැනි තත්ත්වද ඇති විය හැකියි. එයින්ද නොනැවතී ඉරි තැලීම් වැනි තත්ත්වද ඇති විය හැකියි. අස්ථි කැඩීම් ආදී තත්ත්ව ආදියට කැල්සියම් අඩු වීම සෘජුවේම බලපාන්නකි. එමනිසා මාංශපේශීන්වල ඉතා තද රිදීමක් හට ගනී.
විටමින් ඩී විස වීම් ඉතා අඩුය. ඇතැම් විට එය පෙති වශයෙන් භාවිත කිරීමේදී සිදුවිය හැක්කකි. විටමින් ඩී විස වීම් ඇති වුවහොත් හෘදය වස්තුව, අක්මාව, වකුගඩුව වැනි සියුම් සෛල ඇති ශරීරයේ අවයව ආදියට දැඩි ලෙස හානි පැමිණේ. විස වීමේ තත්ත්වය අඩු වීම සඳහා වෛද්‍යවරයා අනිවාර්යෙන්ම රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කර බලා කිරි ආහාර අඩු කිරීමටද උපදෙස් දෙනවා ඇත.
විශේෂයෙන්ම කාන්තාවන්ගේ සරු භාවය සඳහා මෙන්ම පුරුෂ පක්ෂයට හොඳ ආයුෂ සම්පතක් ඇතිව ජීවත් වීම සඳහාද මනා පිටිවහලක් වේ. මෙම විටමිනය ඌනතාවය වඩා භයංකර රෝග තත්ත්ව සඳහා උපකාරකයක් බවටද පත්වේ. ඒඞ්ස් ආසාධිත රෝගීන්, උණ රෝගීන් සඳහාද මෙය ඉතා දරුණු තත්ත්වයක් බවට පත්වේ. අතීතයේදී මෙන් රෝග තත්ත්ව සඳහා විටමින් ඩී ප්‍රතිකාරයක් ලෙස ලබා දී තිබේ.
එසේම දීර්ග කාලීන විටමින් ඩී ඌනතාව නිසා හතිය වැනි රෝග multiple  sclerosis  (ms) වැනි තත්ත්ව සඳහාද වෛද්‍යවරුන් විටමින් ඩී ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරයි.
ඉතාම සුළු ආහර වර්ග කිහිපයක මෙම සංඝටකය දැකිය හැකි වේ. එදිනෙදා ආහාර වේල සඳහා එම ආහාර එකතු කර ගැනීම විටමින් ඩී ඌනතාවට ගොදුරු නොවී හොඳ සෞඛ්‍යයක් කුඩා දරුවන්ටත් , වැඩිහිටියන්ටත් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...