Skip to main content

හමුදාවේ ඉහළම තනතුරු දෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ යන තනතුරටත් පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.
අවසන් වරට ශ්‍රී ලංකාවේ මෙවැනි ගෞරවනීය නාමයක් පිළිබඳ අසන්නට ලැබුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ‘ෆීල්ඞ් මාර්ෂල්’ තනතුර ලබාදුන් අවස්ථාවේදීය. ෆීල්ඞ් මාර්ෂල් තනතුර යුද හමුදාවේ ඉහළම තනතුර ද ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ද වන අතර ‘මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්’ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වේ.
ෆීල්ඞ් මාෂල් නම, ආරම්භය සොයා යනවිට එහි අතීතය මධ්‍යකාලීන යුගය දක්වා දිව යයි. අතීතයේදී ෆීල්ඞ් මාෂල් නම රජුගේ අශ්වයන් බලා ගැනීම සඳහා යොදාගත් බව අතීත වාර්තාවල දැක්වෙයි. එය ආරම්භ වනුයේ පැරැණි ජර්මනියෙනි. එය මා-ස්කල්ක් :ඵ්රය-ිජ්කජ* යනුවෙන් හැඳින්විණි. පැරැණි ජර්මනියේ දී යොදාගත් මේ වදනෙහි අරුත අශ්ව සේවකයා යන්නයි. මෙය අතීතයේ ජර්මානු ගෝත්‍රයක් වූ ෆ්‍රැන්කිෂ් රජවරුන් විසින් යොදාගනු ලැබුවකි.
‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ යන්න ඉංග්‍රීසි වදනකි. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන්න ද දීර්ඝ ඉතිහාසයක් ඇති වදනක් හා තනතුරක් වේ. එයද ෆීල්ඞ් මාර්ෂල් මෙන් මධ්‍යතන යුගය දක්වා ඉතිහාසයක් ඇති තනතුරකි. අතීතයේදී ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර පිරිනැමුවේ විශේෂ මෙහෙයුමක් හෝ විශේෂ කාර්යයක් හෝ සඳහා පිටත්ව යන නාවික හමුදාවකට අණ දීම සඳහා රජු විසින් පත්කරනු ලැබු වංශාධිපතියන්ටය.
බොහෝ විට කිසියම් රටක් ෆීල්ඞ් මාෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන තනතුරු ලබා දෙන්නේ යුද්ධයකදී එකී හමුදාවල නායකයන් අත්පත් කරගන්නා සුවිශේෂී ජයග්‍රහණයක් වෙනුවෙනි. යුද ජයග්‍රහණයක් වෙනුවෙනි. මෙය අතීතයේ දී තනතුරක් ලෙස සැලකුව ද වර්තමානයේ දී නම්බු නාමයක් නැතහොත් ගෞරව නාමයක් ලෙස සලකයි. කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලීමේ දී එක් එක් රටවල් ඉහත කී නිලයන් විවිධාකාරයෙන් භාවිත කර ඇති බව පෙනී යයි.
මෙම තනතුරු ත්‍රිත්වයම තරු පහේ නිලය.
මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් තනතුර මුලින්ම කරළියට පැමිණියේ 1919 වසරේදීය. එම තනතුර මුල්වරට හිමිවූයේ ටේ‍රන්චාර්ඞ් සාමිවරයාටය. එම 1927 වසරේදීය. බි්‍රතාන්‍යය රාජකීය ගුවන් හමුදාව මෙම තනතුර මුල්වරට හඳුන්වා දුන් පොදු රාජ්‍ය මණ්ලඩයේ අනෙකුත් රටවල් ඉන් අනතුරුව ඔවුන්ගේ හමුදාවල නිලධාරීන්ට මෙම තනතුර පිරිනැමීය. කෙසේ නමුත් රටින් රටට ඊට ලැබෙන වරප්‍රසාද, ඒවායේ ලක්ෂණ වෙනස් විය.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුර අතීතයේ සිට පැවැතිය ද විශේෂයෙන්ම බි්‍රතාන්‍යයේ රාජකීය හමුදා එය භාවිතයට ගැනීමත් සමඟ තනතුර ප්‍රසිද්ධියට පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයට රටවල රාජ්‍ය නායකයා වන බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින ඔස්ටේ්‍රලියාව නායිකාව හැටියට 1954 දී බි්‍රතාන්‍යයේ පිලිප් කුමරුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරට පත් කළාය. මේ අනුව එඩින්බර්ග් ආදිපාද බි්‍රතාන්‍යයේ පිලිප් කුමරුන් ඔස්ටේ්‍රලියානු නාවික හමුදා බලඇණියේ/කණ්ඩයේ (නාවික හමුදාව) අද්මිරාල් යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි. පිලිප් කුමරු මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් සහ ෆීල්ඞ් මාර්ෂල් යන තනතුරු ද හොබවයි. පිලිප් කුමරුන් මෙන්ම ඔහුගේ පුත් බි්‍රතාන්‍යයේ චාර්ල්ස් කුමරුන් ද මෙම තනතුරු හොබවයි. බි්‍රතාන්‍යයේ රාජකීය පවුලේ ප්‍රමුඛ හා ඉහළ පෙළේ පුද්ගලයන්ට මෙම තනතුරු තුන පිරිනැමීම සම්ප්‍රදායකි. දෙවැනි එළිසබෙත් රැජින බි්‍රතාන්‍යයේ සේනාධිනායකයා වන බැවින් ඇයගේ පහසුව සඳහා බි්‍රතාන්‍යයේ යුද, ගුවන් හා නාවික හමුදාවල ඉහත කී ඉහළම තනතුරු චාර්ල්ස් කුමරුට පිරිනැමිණි. විශේෂයෙන්ම බි්‍රතාන්‍ය ෆීල්ඞ් මාර්ෂල්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්  තනතුරු පිරිනමන්නේ ගෞරව නාම ලෙසිනි.
වර්තමානයේදී හමුදාවල තනතුරු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අනුව විශේෂ සංකේතයකින් හඳුන්වන ලබන අතර ෆීල්ඞ් මාෂල් ධුරයට හිමි කේතාංකය වනුයේ OF-10  යි. ගුවන් හා නාවික හමුදාවල තනතුර OF-09 අවසන් වේ. ශ්‍රී ලංකා යුද හමුදාව බි්‍රතාන්‍ය ක්‍රමය අනුගමනය කරන අතර මෙරට මෙතෙක් පැවැති උසස්ම තනතුර වන ජෙනරාල් තනතුරට හිමි කේතාංකය වනුයේ OF-09  යි. බි්‍රතාන්‍යයේ යුද හමුදාවේ ෆීල්ඞ් මාෂල් තනතුර එරට රාජකීය නාවුක හමුදාවේ අද්මිරාල් ඔෆ් ද ෆිලීට් තනතුරටත් රාජකීය ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද රෝයාල් එයාර් ෆෝස් තනතුරටත් සමාන වෙයි.
බි්‍රතාන්‍ය ක්‍රමවේදයට අනුව එරට රාජකීය නාවුක හමුදාවේ අද්මිරාල් ඔෆ් ද ෆිලීට් තනතුරටත් රාජකීය ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් ද රෝයාල් එයාර් ෆෝස් හා රාජකීය යුද හමුදාවේ ෆීල්ඞ් මාෂල් තනතුරටත් පත්වන නිලධාරීන් ජීවතකාලයට පුරාවටම නිලධාරීන් ලෙස සලකනු ලබයි.
ෆීල්ඞ් මාෂල් ධුරයේ ලාංඡනය ඉහත සඳහන් කළ පරිදි යෂ්ටියක් වූ අතර එය ධුරයටම ආවේණික විශේෂණයකි. විශේෂත්වයකි. බි්‍රතාන්‍ය හමුදාවේ ආකාරයට අනුව යෂ්ටිය ඔලිව් අත්තකින් හා උඩු කෙළවරේ ඔටුන්නක ලාංඡනයකින් සමන්විතය. බොහෝ රටවල් බි්‍රතාන්‍ය ක්‍රමය අනුගමනය කරන අතර එහිදි යෂ්ටියට ඔවුන්ගේ රටේ රාජ්‍ය ලාංඡනය යොදාගනී. බොහෝ විට බි්‍රතාන්‍ය ෆීල්ඞ් මාෂල්වරුන්ට රන් ආලේපිත යෂ්ටියක් දෙනු ලැබීය.
කෙසේ නමුත් ඇමෙරිකන් හමුදාවේ හමුදා ධුරාවලියට අනුව එහි ෆීල්ඞ් මාෂල් ධුරයක් පිරිනමන්නේ නැත. ඔවුන්ගේ ඇත්තේ තරු පහේ ජෙනරාල් ධුරයක් පමණි. එය ආරම්භ වූයේ 1944 දීය. එම නිලය ඇමෙරිකන් හමුදාවේ උසස්ම හා ජ්‍යෙෂ්ඨතම මෙහෙයුම් අණදෙන්නා වන අතර නේටෝවේ සම්මත  OF-10  ට සමාන වේ.  

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...