Skip to main content

ඇත්තටම මෝනාලීසා කවුද?

 lisa
 
 ජානක විජේවීර
 බණ්ඩාරනායක ජාතික පාසල-කුණ්ඩසාලේ 

 
 
 ”මෝනාලීසා” ලෙස කවුරුත් දන්නා චිත‍්‍රය ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි විසින් අ`දින ලද්දක. ඩාවින්චි යනු ඉතාලි පුනර්ජීවන සමයේ විසූ සම්භාව්‍ය චිත‍්‍ර ශිල්පියෙක. ඓතිහාසික තොරතුරුවලට අනුව 1503 දී ඔහු මෝනාලීසා චිත‍්‍රය ඇඳීම ආරම්භ කර ඇත. එය දිග සෙන්ටි මීටර් 77 ක්ද පළල සෙන්ටි මීටර් 53 ක් ද වූ ”පොප්ලර්” ලීයක තෙල් සායම් මාධ්‍යයෙන් අඳින ලද්දක.
 
 චිත‍්‍රය සඳහා තේමා වී ඇත්තෛ් කාන්තා උඩුකයක. එම උඩුකය හිමි කාන්තාව ”ලීසා ඩෙල් ගෙරාර්ඩිනී ගියෝකොන්ඩා.. ය. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර සිටි ධනවත් සේද රෙදි ව්‍යාපාරික ෆ්රැන්සිස්කෝ බර්ටොලමියෝ ඩි සැනෝබි ඩෙල් ගියෝකොන්ඩා ගේ තෙවන බිරිඳ ඇයය. මෙම ව්‍යාපාරික ෆ්රැන්සිස්කෝ ගියෝකොන්ඩාගේ ඉල්ලීම පරිදි ලියනාඩෝ ඩාවින්චි ඇයගේ උඩුකය රූපය ඇඳීම අරඹා ඇත.
 
 ලීසා ඩෙල් ගෙරාර්ඩිනී 1479 ජුනි 15 දා ෆ්ලොරන්ස් හිදී උපත ලබා ඇත. ඇය වයස අවුරුදු 16 ක් වනවිට එනම් 1495 මාර්තු 15 දා විවාහ වී ඇත. එවිට ඇයගේ ස්වාමියාට වයස අවුරුදු 37 ක් විය. ෆ්රැන්සිස්කෝ ගියෝකොන්ඩා 1458 දී උපත ලබා ඇති අයෙක.
 
 ලියනාඩෝ ඩාවින්චි 1452 දී ෆ්ලොරන්ස් හිදී උපත ලබා ඇත. මෝනාලිසා චිත‍්‍රය නිර්මාණය කිරීම ඇරඹූ 1503 දී ඔහුගේ වයස අවුරුදු 51 ක. චිත‍්‍රයේ සිටින ලීසා එවකට වයස අවුරුදු 24ක යෞවනියක. ලීසාගේ සුන්දර සිනහව සිත රඳවාගෙන ඩාවින්චි ඇය සිත්තම් කිරීම ඇරඹීය. එම අවස්ථාව දුටු දෙදෙනෙක. එම දෙදෙනා තම දිනපොතේ ඒ සිදුවීම සටහන් තබා ඇත. ඉන් එක් අයෙක් ”ඔගස්ටිනෝ වෙස්පුස.. ය. ඔහු එවකට රජයේ ලිපිකරුවෙක.
 
 ”ඩාවින්චි විසින් ලීසා ඩෙල් ගියෝකොන්ඩා ගේ චිත‍්‍රය අ`දිනවා. එහි හිස සම්පූර්ණයෙන් ම නිමකර ඇත. එහෙත් ශරීරය තවමත් රළු අයුරින් පවතී. ඒ ඔහුගේ සටහනය. එනම් චිත‍්‍රය එවිට අසම්පූර්ණ බව ඉන් කියැවේ. ලතින් බසින් ලියන ලද ඔගස්ටිනෝ වෙස්පුසිගේ දිනපොත ජර්මනියේ ”හයිඩෙල්බර්ග්. (Heidelberg University) සරසවියේ ඉපැරණි පොත් එකතුවක තිබී මෑතක සොයාගෙන ඇත.
 
 lisa2චිත‍්‍රය ඇඳීම දැක එය සටහන් තැබූ අනෙකා වන්නේ ඩාවින්චිගේ මිත‍්‍රයෙක. චිත‍්‍රකලා විචාරකයෙක. ඔහු ”වසාරි ජියෝ ජියෝ. ය. මෙම ලීසා ඩෙල් ගෙරාර්ඩිනීගේ උඩුකය චිත‍්‍රයට ”මෝනාලීසා. ලෙස නම් තැබූයේද වසාරි ය. ඉතාලි බසින් මෝනා යනු මැතිනිය” මයිලේඩි” මැඩම්” යන අර්ථයය. ඒ අනුව ලීසා මෝනාලීසා විය. එහෙත් තවමත් සමහරුන් මෙම චිත‍්‍රය ඇගේ නමින්” ගියෝකොන්ඩා ලෙස ද හ`දුන්වය. වසාරි ජියෝ ජියෝ ට අනුව චිත‍්‍රය ඇඳීම ඩාවින්චි ට පවරා ඇත්තේ ලීසාගේ ස්වාමියා විසින. ”සිවු වසරක් චිත‍්‍රය ඇඳීමේ නියැළුණු ඔහු එය අතහැර දැමීය. යනුවෙන් වසාරි ලියා තබා ඇත. මේ අනුව චිත‍්‍රය පිළිබඳ තොරතුරු ලියූ දෙදෙනාටම අනුව මෝනාලිසා චිත‍්‍රය යනු අසම්පූර්ණ චිත‍්‍රයක. එහෙත් චිත‍්‍රකලා විචාරක වසාරි විසින් ඩාවින්චි අ`දිමින් සිටි ලිසාගේ මුහුණ වර්ණනා කර ඇත්තේ මෙසේය.
 
 ”දෙනෙත්වල බැබලීම සහ තෙත් ගතිය ඇත. දෙනෙත් වටා වූ ඇස් පිහාටු ද සියුම් ව දක්වා ඇත. සමේ සිදුරු අනුව තැනක තුනීවද” තැනක ගනකමට ද වැවුණු ඇහිබැම සපුරාම ස්වාභාවික ය. රෝසපෙති මෙන් සුමුදු ව නාස් පුඩු සිත්තම් කර ඇත. මුහුණේ මාංශ එකිනෙක යා වන්නේ තීන්තයෙන් මෙන් නොව ජීවමාන මාංශයෙන් ම මෙන. ඇගේ උගුරට ලංවී බැලූ කල නාඩි ස්පන්දනය සිදුවන බව ස්ථිරවම පැවසිය හැකිය..
 
 වසාරිගේ තොරතුරුවලට අනුව මෙම චිත‍්‍රය අසම්පූර්ණව අතහැර දමා ඇත්තේ ක‍්‍ර.ව. 1907 දී විය යුතුය. ඉන් පසු මෙම චිත‍්‍රය ඩාවින්චිගේ කලාගාරයේ අහු මුල්ලකට පිවිසෙන්නට ඇත.
 
 1517 දී ප‍්‍රංශ රජතුමා වූ ”1 වන ෆ‍්‍රැන්සිස්” ගෙන් ලැබුණු ආරාධනාවකට අනුව ඔහු ප‍්‍රංශය බලා ගමන් ඇරඹීය. ඊට ඩාවින්චිගේ සහායකයා මෙන්ම පෞද්ගලික ආදර්ශ රූපය වූ සලේ (salai) ද එක්විය. එවකට ඩාවින්චිගේ වයස අවුරුදු 64 ක. ප‍්‍රංශ රජු ඩාවින්චිට මහත් ගෞරවයක්” ආදරයක්” දක්වා ඇත. එතුමා ඩාවින්චිට ඇම්බොයිස් නගරයේ තම ගිම්හාන මාළිගය අසලින් ම නිවෙසක් සැපයීය. එය ක්ලෝස් ලූසී (clos luce) නම් වන අතර එය අද වනවිට ඩාවින්චිගේ කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යය. ප‍්‍රංශ රජුගේ ඉල්ලීම පරිදි නගර නිර්මාණ” නගර සැලසුම” ජල ප‍්‍රවාහන පද්ධති සැලසුම් කිරීම” උද්‍යාන සැලසුම්කරණය” ගෘහ නිර්මාණකරණය වැනි කාර්යයන්වල නියැලී ඇත. ඩාවින්චිගේ ප‍්‍රංශ ගමනේදී ගෙනගිය බඩු අතර වැඩ අවසන් නොකළ චිත‍්‍ර කීපයක් ද වූ බව වසාරි ජියෝ ජියෝ ලියා තබා ඇත. එම චිත‍්‍ර මොනවාදැයි නිවැරදි තොරතුරු නොමැති වුවද පසුකලෙක ප‍්‍රංශය සතු වූ ඩාවින්චිගේ චිත‍්‍ර නිර්මාණ අනුව ඒවා වන්නේ මෝනාලිසා චිත‍්‍රය/ මරියතුමිය”ජේසු බිලිඳා” ශාන්ත ඈන් සහ බැටළු පැටවා චිත‍්‍රය /ශාන්ත ජෝන් බැප්ටිස් චිත‍්‍රය යන නිර්මාණ බව විශ්වාස කරය.
 
lisa3ලියනාඩෝ ඩාවින්චි ඉතාලියේ සිට ප‍්‍රංශයට පැමිණීමේදී වැඩ අවසන් නොකළ මෝනාලීසා චිත‍්‍රය ගෙන ආවාද නැතහොත් ඔහුගේ ආදර්ශ මානව (Model) රූපය වන සලේව ඉදිරියේ තබා නැවත මෝනාලීසා චිත‍්‍රයක් නිර්මාණය කලා දැයි ඉතිහාසඥයින්ට ගැටලූවක් ඇත. මේ කාලයේදී අඟුරු කැබැල්ලකින් කඩදාසියක නිර්මාණය කළ මෝනාලීසාගේ උඩුකය සටහනක් පසුව සොයාගත් අතර එම චිත‍්‍රය ”මෝනාවන්නා” ලෙස නම් තබා අද වන විට ලූවර් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වේ. එහි සිටිනුයේ උඩුකය නිරුවත් ලීසාවක. මේ අයුරින් විවිධ වූ චිත‍්‍ර නිර්මාණ ඇ`දීමේදී තම සහායක ආදර්ශ රූපය වූ සලේ ව යොදා ගැනීම ඩාවින්චි සිදු කර ඇත. ඊට කදිම උදාහරණය ප‍්‍රංශ ක්ලේස් ලූසී නිවසේදී නිර්මාණය කළ ශාන්ත ජෝන් බැප්ටිස් චිත‍්‍රයය. ඊට සලේ ගේ ආදර්ශය යොදා ගෙන ඇත. කෙසේ වුවද ප‍්‍රංශයේ ක්ලෝස් ලූසී නිවසේදී අප දන්නා මෝනාලිසා චිත‍්‍රයේ වැඩ නිම කිරීමට ඩාවින්චි කටයුතු කර ඇත. ඉතිහාසඥයින්” චිත‍්‍ර කලා විචාරකයින් පවසන්නේ ලීසා ගෙරාර්ඩිනී ඉදිරියේ තබාගන නිර්මාණය කළ එමෙන්ම වසාරි ජියෝ ජියෝ විසින් මෝනාලීසා ලෙස ආමන්ත‍්‍රණය කළ නිවැරදි චිත‍්‍රය තවමත් අතුරුදන් බවය.
 
 1519 මැයි මස 20 දා මේ මහා කලාකරුවා සදහටම දෙනෙත් පියා ගත්හ. ඒ ප‍්‍රංශයේ ක්ලෝස් ලූසී නිවසේදීය. එවකට එතුමාගේ වයස අවුරුදු 67 ක. ඒ අවස්ථාවේදී ද ප‍්‍රංශ රජතුමා ඩාවින්චි අසල විය. ඔහු මිය ගොස් ඇත්තේ ද රජුගේ දෑතේදීය. මේ මහා කලාකරුවාට ප‍්‍රංශ රජු වූ 1 වන ෆ‍්‍රැන්සිස් විසින් දක්වන ලද ගෞරවය එයින් මොනවට පැහැදිලි වෙය. ප‍්‍රංශයේ 14 වන ලූවී රජතුමාගේ කාලයේදී ප‍්‍රංශ ඉතිහාසඥ ඇන්ඩි ෆෙලිබියන් ඒ සිදුවීම ලේඛන ගතකර ඇත. එමෙන්ම ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී ජීන් ඔගස්ටේ විසින් ඩාවින්චිගේ මරණය චිත‍්‍රයට නගා ඇත. එහි දක්වා ඇත්තේ ද 1 ෆ‍්‍රැන්සිස් රජුගේ දෑත මතදී අවසන් හුස්ම හෙළන මෙම චිත‍්‍ර ශිල්පියාය. ඩාවින්චිගේ මරණයෙන් පසු මෝනාලීසා චිත‍්‍රයට කුමක් වීද? අප එය සොයා බලමු.
 
 ඩාවින්චිගේ මරණයෙන් පසු මෝනාලීසා චිත‍්‍රය ඩාවින්චිගේ සහායක සලේ විසින් ප‍්‍රංශ රජු වූ 1 වන ෆ‍්‍රැන්සිස් ට ලබා දෙන ලද. ඒ වෙනුවෙන් ප‍්‍රංශ රජතුමා සලේ ට රන්කාසි පිරිනැමූ බවද සඳහන්ය. ඒ අනුව මෝනාලිසා ප‍්‍රංශයේ වර්සෙල්ස් මාළිගය (palace of versailles) සතු විය. වර්සෙල්ස් මාළිගයේ නෘත්‍ය ශාලාවේ බිත්තියක මෙම චිත‍්‍රය ස්ථාපනය විය. ක‍්‍ර.ව. 1789 දී ප‍්‍රංශ විප්ලවය සිදු විය. එහිදී 16 වන ලූවී රජු විප්ලවවාදීන් අතින් ඝාතනය විය. වර්සෙල්ස් මාලිගය ද විප්ලවවාදීන් යටතට පත් විය. ප‍්‍රංශ විප්ලවයෙන් පසු මාලිගයේ අලූත්වැඩියා කටයුතු සිදු වූ බැවින් මාලිගය සතු වූ ඉපැරණි පුරාවස්තු” චිත‍්‍ර” ප‍්‍රතිමා” ආදිය ප‍්‍රංශ ලූවර් කෞතුකාගාරයට යවනු ලැබීය. ඒ අනුව මෝනාලීසා ලූවර් බලා ගමන් ඇරඹීය.
 
 මෝනාලීසා කථාව එයින් අවසන් නොවේ. ඊට හේතුව 1911 අගෝස්තු මස 21 වැනිදා මෙම චිත‍්‍රය ලූවර්
 
 කෞතුකාගාරයෙන් අතුරුදන් වීමය. අගෝස්තු 21 වන ස`දුදා ලූවර් කෞතුකාගාරය වසා තබන දිනයක. එදින එහි ඇතුළු වූ පවිත‍්‍රතා කම්කරු ”වින්සෙන්සෝ පෙරුගියා” මෙම චිත‍්‍රය එහි ආරක්ෂිත ආවරණයෙන් ගලවාගෙන පලා ගියේය. එය ඔහුගේ මහල් නිවාස කාමරයේ සඟවා තැබීය. පොලිසිය සහ ලූවර් කෞතුකාගාර නිලධාරීන් චිත‍්‍රය නැවත සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීය. චිත‍්‍රය සොරාගත් වින්සෙන්සෝ ගෙන් ද ප‍්‍රශ්න කර කට උත්තර ගෙන තිබීමද විශේෂත්වයක.
 
 වසර දෙකක් යනතුරු මෝනාලීසා පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය. 1913 දෙසැම්බර් මාසයේදී ඉතාලියේ ෆ්ලොරන්ස් හි සිටි පුරාවස්තු එකතු කරන්නෙකු මෙන්ම පුරාවස්තු ප‍්‍රදර්ශනාගාරයක හිමිකරු වූ ”ඇල්ෆ්‍රෙඩෝ ගෙරී” ට ලිපියක් ලැබුණ. ඊට අත්සන් කර තිබුණේ ලියනාඩෝ ලෙසය.
 
 ”ලියනාඩෝ ඩාවින්චිගේ සොරකම් කළ චිත‍්‍රය මා සතුය - ලියනාඩෝ”
 
 චිත‍්‍රය අලෙවි කිරීම අරමුණ විය. එහෙත් චිත‍්‍රයේ වටිනාකම පිළිබඳ ඉතා හොඳින් දැන සිටි ඇල්ෆ්‍රෙඩෝ ගෙරී එම තොරතුර ෆ්ලොරන්ස් හි උෆ්සි කලාගාරයේ අධ්‍යක්ෂ වූ ජියෝවනී පොගීට දැනුම් දෙනු ලැබීය. ඉන් පසු ඉතාලි සහ ප‍්‍රංශ පොලීසි එකතු වී චිත‍්‍රයේ
 
 ගැනුම්කරුවන් සේ පෙනී සිටිමින් වින්සෙන්සෝ පෙරුගියෝ නම් වූ මෝනාලීසා චිත‍්‍රයේ සොරා අල්ලා ගනු ලැබීය. පසුව සොරාගේ ප‍්‍රංශ මහල් නිවාස කාමරය සෝදිසි කිරීමෙන් මෝනාලීසා නැවත සොයාගනු ලැබීය. ඒ අනුව 1913 දෙසැම්බර් මාසයේදී නැවත චිත‍්‍රය ලූවර් හි ප‍්‍රදර්ශනයට එක් විය.
 
 මරණයෙන් පසු ලියනාඩෝ ඩාවින්චි ගේ ඉල්ලීම පරිදි ඔහුගේ දේහය ප‍්‍රංශයේ ඇම්බොයිස් හි ශාන්ත ෆ්ලොරන්ටීන් දේවස්ථානයේ සොහොන් ගැබක මිහිදන් කරනු ලැබීය. ප‍්‍රංශ විප්ලවයෙන් පසු මෙම දේවස්ථානය ද විප්ලවවාදීන් අතින් විනාශ විය. ඒ අනුව ඩාවින්චිගේ සොහොන් ගැබ ද අනන්‍යතාවය තහවුරු කළ නොහැකි එකක් බවට පත් විය.
 
lisa4ඩාවින්චිගේ සහ ලීසාගේ කථාව ඉන් නිමා නොවේ. 1863 දී ප‍්‍රංශ ජාතික කෞතුකාගාර පර්යේෂක ”අර්සෙන් හුසේයි” මහතා ඩාවින්චි නැවත සොයා ගැනීමට පර්යේෂණ ඇරඹීය. ඒ අනුව කැණීම් මගින් ඩාවින්චිගේ සොහොන් ගැබ හ`දුනාගෙන එහි වූ අස්ථි කොටස් ගොඩගන්නා ලද. එම කොටස් ප‍්‍රංශයේ ශාන්ත හියුබට් චැපල් දේවස්ථානයේ විශේෂ සොහොන් ගැබක් තනා එහි මිහිදන් කරනු ලැබීය. වර්තමානයේදී ද ලියනාඩෝ ඩාවින්චි නම් වූ ඒ මහා සිත්තරාගේ් සොහොන් ගෙය වෙත පිවිස එහි වූ සොහොන් ගැබ දැක බලා ගැනිමට හැකියාව ඇත.
 
 වයස අවුරුදු 24 දී මෝනාලීසා බවට පත් ලිසා ඩෙල් ගෙරාර්ඩිනී දරුවන් පස් දෙනෙක් ලදහ. ඇයගේ ස්වාමියා වූ ෆ්රැන්සිස්කෝ ගියෝකොන්ඩා 1539 දී වයස අවුරුදු 81 ක් ව වසංගත රෝගයකින් මියගොස් ඇත. ඒ වන විට ලීසාගේ දියණියන් දෙදෙනෙකු ම ඉතාලියේ ශාන්ත උර්සුලා ලූඩෝවිකා දේවස්ථානයේ කන්‍යා සොයුරියන් බවට පත්වී ඇත. ඔවුන් නම් කැමිලා සහ මාරිත්තා ය.
 
 වියපත් වූ ලීසා ද දියණියන් දෙදෙනා විසින් සාන්ත උර්සුලා දේවස්ථානය වෙත රැගෙන යන ලද. ඒ අනුව 1542 දී වයස අවුරුදු 63 ක් වී ලීසා අවසන් හුස්ම හෙළා ඇත. ශාන්ත උර්සුලා දේවස්ථානයේ ඇති අභ්‍යන්තර සොහොන් ගැබක ඇයගේ දේහය මිහිදන් විය. පසු කලෙක ඇයගේ කන්‍යා සොයුරියන් වූ දියණියන් දෙදෙනා ද ඇය අසලින් ම මිහිදන් වී ඇත. ලීසා කතාව අවසන් නැත. මියගොස් වසර 477 කට පසුව ඇය යළිත් අපට දැක ගන්නට ලැබීම ආශ්චර්යයක.
 
 ද ටෙලිග‍්‍රාෆ් සඟරාවේ වාර්තාවට අනුව 2011 මැයි මාසයේදී සාන්ත උර්සුලා දේවස්ථානය කැණීම් කරමින් ලීසාගේ සොහොන් ගැබ සෙවීම ඇරඹූයේ පුරාවිද්‍යා පර්යේෂක සහ ඉතිහාසඥ ”සිල්වැනෝර් වින්සෙන්ට්” විසින. ඒ වනවිට කොන්ක‍්‍රිට් යොදා දේවස්ථාන ශාලාවක් බවට පත්කර තිබුණු සොහොන් බිම ඉතා ප‍්‍රවේශමෙන් පාදා ගනිමින් සොහොන් ගැබ් මතුකර ගන්නා ලද. ඒ අතර තිබුණු දියණියන්ගේ සහ ලීසාගේ සොහොන් ගැබ් ද අනාවරණය කර ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය.
 
 කාබන් 14 පර්යේෂණවලට අනුව ලීසාගේ අස්ථි කොටස් නිවැරදි ව කාලය නිර්ණය වී ඇත. එමෙන්ම ඇය වයස අවුරුදු 63 ක පමණ වූ ස්ත‍්‍රියක් බවද තහවුරු විය. ඇයගේ සහ දියණියන්ගේ DNA සාම්පල ගැලපීම කළ නොහැකි විය. ඊට හේතුව සෙහොන් බිම තෙත් භූමියක් වූ බැවින් අස්ථි බොහෝ දිරා ගොස් පැවතීමය. එහෙත් සිල්වැනෝර් වින්සෙන්ට් පවසා ඇත්තේ” ”මම ඇයව විශ්වාස කරනවා” යනුවෙන.
 
 තමා සිත්තම් කරන ගුප්ත මද සිනහව” සො`දුරු නෙතග බැල්ම සහිත ලීසාගේ චිත‍්‍රය ලොව ජනප‍්‍රිය ම චිත‍්‍රය වනු ඇතැයි ඩාවින්චි නොසිතන්නට ඇත. තම වත කමල අනාගත ලොව ජන හදවත් වසඟයට ගනු ඇතැයි ලීසා කිසි විටෙකත් නොසිතන්නට ඇත.
 
 2019 මැයි 20 වැනි දාට ලියනාඩෝ ඩා වින්චි මියගොස් වසර 500 ක් සපිරිණ. ඒ වෙනුවෙන් ප‍්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ඩාවින්චි සැමරුම් උත්සව සංවිධානය කරනු ලැබීය.
 
 සිත්තමකට කොතෙක් දුර යා හැකි ද? සිත්තරෙකුට කොතරම් කාලයකි ජීවත් විය හැකි ද? සියවස් පහකට පසුවත් ඩාවින්චි සහ ලීසා ගෙරාර්ඩිනී තවමත් ජන හදවත් තුළ ජීවමාන වීම කෙතරම් අරුමයක් ද?

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...