Skip to main content

වස නැති කාබනික ආහාර

ආහාර නිෂ්පාදනය කිරීමේදී යොදන රසායනික පොහොර අපේ සිරුරට කිසිසේත්ම සුදුසු නොවේ. ආහාර කල්තබා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ වෙත ක්‍රමවත්ව ඉදිරිපත් කිරීම සඳහාද විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය ඊට එකතු කරයි.
මෙවන් තත්ත්වයක් මැද අප කන්නේ මොනවාද, අපට කෑමට සුදුසු ආහාර මොනවාද යන්න අප ඉදිරියේ ඇති බලවත්ම ප්‍රශ්නයයි. වෙළෙඳපොළේ රසය, හැඩය, මෙන්ම පැහැයට මුලාවී ගුණය අමතක කර මිලදී ගන්නා ආහාර සිරුර රෝගී කරවා ගැනුමකි.
ඉක්මන සහ ලාබය අරමුණින් රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා කාබනික ආහාර සංකල්පය දැන් දැන් බොහෝ දෙනා අතර කතාබහට ලක් වේ. කාබනික ආහාර නිෂ්පාදනයේදී ගොවියා ඉතා හොඳ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර භාවිත කරයි. කාබනික ආහාර කල් තබා ගැනුම, ඇසුරුම්කරණය වුවද රසායනික ක්‍රියාවලියෙන් බැහැරව සිරුරට හිතකාමී අයුරින් යොදා ගැනේ.
වර්තමානයේදී වෙළෙඳපොළට ඉදිරිපත් කරන එළවළු, පලතුරු පිළිබඳවද යම් අවබෝධයක් ලබා තිබීම වුවද වැදගත්ය. අප මුලින්ම මතක තබා ගත යුතු වන්නේ වැඩි පලදාවක් ලබා ගැනීමට ඉක්මනින් වෙළෙඳපොළට යැවීමට කල් පිරීමට පෙර නෙළා ඉදී ඇති බව පෙන්වීමට වර්ණ වෙනස් කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා ඇති බවයි. ඒවා අපේ සිරුරට හානිදායී සේම ජලය සමග එම රසායනික මුසු වූ විට ඉතා දූෂ්‍ය වේ.
කාබනික හෙවත් ඕගනික් ආහාර ඕගනිසම් මූල්‍ය බීජයෙන් හට ගන්නා වූ ආහාර මගින් යම්තාක් සහනයක් අපට ලැබේ. වස විස ඇතිදැයි සැක සහිත ආහාර කිසි බියක් නැතුව මේ හරහා අපට ආහාරයට ලබා ගත හැකිය.
වස විස ඇති ආහාර රටාවකට හුරු වීමට සිදුවූ අපට අපේම වත්තකින් නෙළා ගනු ලැබූ එළවළුවක හෝ පලතුරක අගය, රස දැනෙන්නේ මෙවිටය. බොහෝ ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නොවුණද සුළු බිම්කඩක වුවද එදිනෙදා ආහාර අවශ්‍යතාව අපට සපුරා ගත හැකි වනු ඇත. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සැකසුණු ආහාරයක රසය, සුවඳ  ඉතා ඉහළය.
වස විස ඇති ආහාර කෑවොත්....?
රසායනික ද්‍රව්‍ය මගින් සිරුර අභ්‍යන්තරයට එකතු කරන විස පිට වීමට මගක් නොමැති වීමෙන් ආහාර මගින් එකතු වන විසත් රැඳි පැවතීම නිසා දරුණු රෝගාබාධ හට ගැනේ.
පිළිකා රෝග, අක්මාව ආශ්‍රිත රෝග, වකුගඩු රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ආතතිය, ඉක්මනට වයස් ගත වීම, ජීවිත අපේක්ෂිතතාව හීන වීම. වඳ භාවය ආදී රෝග ගණනාවක්ම හට ගැනේ.  

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...