Skip to main content

වඩාත් නිරවුල් මනසකින් රැකියාව කරන්න ඔබ සූදානම්ද?




මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස


ජීවිතයේ බොහෝ වටිනා අවස්ථා නිර්මාණය කරන්නේ අපේ ආර්ථිකයයි. ආර්ථිකය ගොඩනඟන්නේ රැුකියාවයි. මේ නිසා අකමැත්තෙන් වුව රැුකියාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට අපට සිදු වේ. මෙහිදී යන එන ගමන ද ඇතුළත්ව රැුකියාව වෙනුවෙන් දිනකට පැය 10 කටත් වැඩි කාලයක් කැප කරන්නට සිදු වේ. මෙමගින් කායික සහ මානසික අතින් ඕනෑම කෙනෙක් දැඩි වෙහෙසකර තත්ත්වයකට පත් කරයි. මනස වෙහෙස කරවන රැුකියාවක් කරන ඔබට රැුකියාව කරදරකාරී යැයි සිතෙන අවස්ථා ඕනෑතරම් තිබෙන්නට පුළුවන. එවන් අවස්ථාවට මනස යම් තරමකින් හෝ ලිහිල් කර ගනිමින් කටයුතු කරන්නට තිබෙනවා නම්..
මෙලෙස සිතුණ අවස්ථාවක දී පහසුවෙන් කළ හැකි මනස ලිහිල් කරන ශ්වසන අභ්‍යාස කිහිපයක් මෙම ලිපියෙන් හඳුනා ගනිමු.
ශ්වසනය යනු ජීවිත කාලය පුරා අඛණ්ඩව සිදු කරන කි‍්‍රයාවලියක් වුවත් එය ලිහිලන ක‍්‍රමවේදයක් ලෙස ප‍්‍රගුණ කිරීමෙන් ජීවිතයට අත් වන ප‍්‍රතිඵල දැකීමෙන් ඔබ පුදුමයට පත් වේවි. රැුකියා ස්ථානයේදී වැඩ අධික වූ අවස්ථාවලදී මෙම ශ්වසන අභ්‍යාස සිදු කිරීමෙන් වඩාත් නිරවුල් මනසක් ඇති කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වේ.



රැකියාව කරන අතරතුර මේ අභ්‍යාස කරන්න

මූලික ශ්වසනය අභ්‍යාසය



පියවර 01
බාධාවන්ගෙන් තොර නිස්කලංක ස්ථානයක පහසු ආකාරයෙන් අසුන් ගන්න. මෙහිදී ඔබේ ශරීරය ඍජුව පිහිටුවා තබා ගැනීම අවශ්‍ය වේ. දැන් සම්පූර්ණයෙන් හෝ අඩක් හෝ ඔබට පහසු පරිදි දෙඇස් වසා අභ්‍යාසය සඳහා සූදානම් වෙන්න.

පියවර 02
දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය කරමින් ඉහළ සිට පහළට ඔබේ හිස, බෙල්ල, බාහු, පපුව දෙඅත් ආදි වශයෙන් ඔබේ අවයව වෙත අවධානය යොමු කරන්න. ඉන් පසු ඔබේ ශරීරයෙන් බාහිරව ඔබට ස්පර්ශ වන දේ පිළිබඳ එනම් ඔබේ ආසනය, ඔබේ ශරීරයේ ස්පර්ශ වන වාතය ආදිය වෙත අවධානය යොමු කරමින් සංසුන්ව සාමාන්‍ය පරිදි නිරායාසව ශ්වසනය සිදු කරන්න. මෙලෙස විනාඩි දෙකක් හෝ තුනක් පමණ මෙම සාමාන්‍ය ශ්වසනය සිදු කරන්න.
මෙහිදී හුස්ම වෙත ඔබේ අවධානය යොමු වී පැවතීම අවශ්‍ය වුවත් අනවශ්‍ය ආයාසයකින් එම අවධානය ර`දවා තබා ගැනීමට කිසිදු විටක උත්සාහ නොකළ යුතුය. ඔබේ සිත වෙනත් අරමුණු වෙත ඇදී යයි නම් කළයුතු වන්නේ එය ඔබට දැනුණු පසු සෙමෙන් ඔබේ අවධානය ඔබ කරමින් සිටි කාර්යය වෙත නැවත යොමු කර ගැනීමයි.

පියවර 03
දැන් ක‍්‍රමයෙන් ඔබේ සාමාන්‍ය ශ්වසනය රිද්මයානුකූලව ඉහළ පහළ යන ශ්වසනයක් බවට පත්කර ගන්න. එනම් මෙහිදී ඔබ කළ යුතු වන්නේ ඔබේ සාමාන්‍ය ශ්වසනය නිරායාසයෙන් රිද්මයානුකූලව ඉහළ පහළ යන ශ්වසනයක් බවට පත් කර ගැනීමයි. මෙහිදී ද අවශ්‍ය වන්නේ ආයාසයෙන් අවධානය ර`දවා ගැනීම නොව සිත නිදහස්ව හා සැහැල්ලූවෙන් පවත්වා ගැනීමයි. මෙම රිද්මයානුකූල ශ්වසනය ද විනාඩි දෙකක් හෝ තුනක් පමණ සිදු කළ හැකිය.

පියවර 04
දැන් නැවතත් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදු කරන්න. දැන් ඔබට දැනෙන කායික හා මානසික ප‍්‍රබෝධය සැහැල්ලූ බව මොහොතක් අත්විදිමින් සිට උද්යෝගිමත් සිතින් අභ්‍යාසය අවසානය කරන්න. මෙම අභ්‍යාසය උදෑසන දෛනික කාර්යයන් අතරතුර මෙන්ම රාත‍්‍රී නින්දට ප‍්‍රථම වුව ද කළ හැකිය. ආරම්භයේ දී මෙය විනාඩි 5 ක් හෝ 6 ක් පමණ කිරීම ප‍්‍රමාණවත් අතර අභ්‍යාසය ප‍්‍රගුණ වීමෙන් පසු ඔබට පසු පරිදි එම කාලය දීර්ඝ කරගත හැකිය.


ගැඹුරු ශ්වසන ලිහිලන අභ්‍යාසය

පියවර 01
මූලික ශ්වසන අභ්‍යාසයේ සඳහන් කළ 01 හා 02 පියවර අනුගමනය කරමින් අභ්‍යාසය සඳහා සූදානම් වන්න.

පියවර 02
දෑස් වසා ගෙන ඔබේ හුරු අත උදරය මත ද අනෙක් අත පපුව මත ද තබා ගෙන සාමාන්‍ය පරිදි විනාඩි කිහිපයක් ශ්වසනය සිදු කරන්න.

පියවර 03
දැන් ඔබේ උදරය හො`දින් පිරෙන ආකාරයෙන් හුස්ම ඇතුළට ගනිමින් සහ උදරය තුළ ඇති වාතය හොඳින් පිට වන ලෙස හුස්ම ඉහළ පහළ යවන්න. අප සාමාන්‍යයෙන් ශ්වසනය කරන්නේ අපගේ පපු ප‍්‍රදේශයෙන් වුවද ගැඹුරු ශ්වසන අභ්‍යාසයේ දී අප හුස්ම ඇතුළට ගන්නේ සහ පිට කරන්නේ උදරය හොඳින් පිරෙන සහ ඇකිලෙන ආකාරයෙනි. මේ ආකාරයට ශ්වසනය කරමින් විනාඩි 2 ක් 3 ක් පමණ මෙම අභ්‍යාසයේ නිරත වන්න.

පියවර 04
දැන් ඔබේ දෙඅත් පපු ප‍්‍රදේශයෙන් හා උදර ප‍්‍රදේශයෙන් ඉවත් කර පහසු ආකාරයෙන් තබා ගෙන සාමාන්‍ය පරිදි ස්වසනය කරමින් සිට අභ්‍යාසය අවසාන කරන්න.

පියවර 05
අභ්‍යාසයේ නිරත වීමෙන් ඔබට දැනෙන කායික හා මානසික සැහැල්ලූබව හා ප‍්‍රබෝධය හො`දින් අත්විදිමින් සිට තවදුරටත් සිත නිදහස් කරන්න. මෙම අභ්‍යාසය ද ඔබට නිදහස් වීමක් අවශ්‍ය වූ දවසේ ඕනෑම වේලාවක සිදු කළ හැකිය.



වර්ණ ශ්වසන ලිහිලන අභ්‍යාසය

පියවර 01
මූලික ශ්වසන අභ්‍යාසයේ සඳහන් පියවර 01 හා 02 අනුගමනය කරමින් මෙම අභ්‍යාසය සඳහා සූදානම් වන්න. මෙම අභ්‍යාසය ඔබේ පහසුව පරිදි හි`ද ගෙන සිදු කළ හැක.

පියවර 02
ඔබේ ඇස් සම්පූර්ණයෙන් හෝ අර්ධව වසා ගෙන පහසු පරිදි සාමාන්‍ය ශ්වසනය ආරම්භ කරන්න. විනාඩි කිහිපයක් මෙලෙස සාමාන්‍ය ශ්වසනයේ නිරත වන්න.

පියවර 03
දැන් ඔබේ නාසයෙන් ඇතළු වන වාතය පිරිසුදු සුදු පැහැයෙන් ඇතුළු වන ආකාරයත් පිටවන වාතය අපිරිසුදු කලූ පැහැයෙන් ද පිටවන ආකාරයත් සිතින් දකින්න. මෙලෙස ඔබ ආශ්වාස කරන පිරිසුදු වාතය අපිරිසුදු ලෙස පිටවන්නේ ඔබේ ශරීරයේ හා සිතුවිලිවල රැු`දී ඇති සියලූ ආතතින් වේදනාවන්, අපහසුතාවන්, ලෙස සිතන්න. මෙලෙස සිතින් දකිමින් අඛණ්ඩව එලෙස ශ්වසනය සිදු කරන්න.

පියවර 04
දැන් ඔබේ ප‍්‍රශ්වාස වාතය ක‍්‍රමයෙන් අළු පැහැයට පත් වී, ළා අළු පැහැයට පත් වී ක‍්‍රමිකව සුදුපැහැයට පත්වන ආකාරය සිතින් දකිමින් ශ්වසනය සිදු කරන්න. එසේ ඔබ පිටකරන වායු ධාරාව පිරිසුදු වන්නේ ඔබේ කායික හා මානසික විඩාබර බව ඉවත් වී යාම නිසා බව සිතින් දකින්න. දැන් ඔබ ආශ්වාස කරන්නේත් ප‍්‍රශ්වාස කරන්නේත් ඉතා සුපිරිසුදු වායුධාරාවක් බව සිතින් දකිමින් කිහිප වරක් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදු කරමින් අභ්‍යාසය අවසන් කරන්න.

පියවර 05
දැන් ඔබට දැනෙන මානසික සැහැල්ලූ බව අත්වි`දිමින් තවදුරටත් නිදහස් වෙන්න. මෙම අභ්‍යාසය ද ඔබ මානසික විඩාබර බවට පත්ව ඇති හා ඉන් නිදහස් වීමක් අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක සිදු කළ හැකිය. මේ අතරින් එක් ශ්වසන අභ්‍යාසයක් නොව කිහිපයක් වුවත් යම් යම් අවස්ථාවල දී සිත ලිහිල් කර ගැනීමට භාවිතා කළ හැක. යම් ප‍්‍රශ්නයකින් පීඩා වි`දින අවස්ථාවකදී වුවත් සිත නිදහස් කර ගනිමින් කටයුතු කරන්නට මෙම අභ්‍යාස උපකාරී වේ. ඒ සඳහා වැය වන කාලය ගැන නොසිතන්න. වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව නැවත කටයුතු ආරම්භ කිරීමට මෙම අභ්‍යාස ඔබේ රැුකියා ජීවිතයට රුකුලක් කර ගන්න.


Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...