Skip to main content

උඩු ගුවන ජයගත් කාන්තාවෝ



කාන්තා ගගනගාමීන් දෙදෙනකු පමණක් සහභාගී වන ගගන සක්මනක් පැවැත්වීමට ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය දා සූදානමින් සිටියේය. ඒ, පෘථිවියට ඉහළින් රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටින ඇමෙරිකා ගගනගාමී කාන්තාවන් වන ක්‍රිස්ටිනා කෝච් සහ ඈන් මැක්ලේන් දෙදෙනා සහභාගී කර ගනිමිනි. එම මෙහෙයුම සිදුවූයේ නම්, කාන්තා ගගනගාමීන් දෙදෙනකු ගගන මෙහෙයුමකට එක් වුණු ඉතිහාසයේ පළමු අවස්ථාව එය වනු ඇත. කෙසේ නමුත්, අවාසනාවකට අවසන් මොහොතේ එය අවලංගු කිරීමට නාසා බලධාරීන්ට සිදුවිය. ඒ, ගගනගාමීන් දෙදෙනාට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසාය.
අභ්‍යවකාශ නැවැතුම්පොළට මාරුවෙන් මාරුවට මාස හයෙන් හයට ගගනගාමීන් යෑම සිදුවෙයි. එහිදී ඔවුහු පර්යේෂණවල නියැලෙති. ජාත්‍යන්තර නැවැතුම්පොළේ නඩත්තු කටයුතු සිදු කරති. මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියානු අභ්‍යවකාශ ආයතනය පමණක් නොව සෙසු අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් ගගනගාමීහු හය දෙනෙක් නැවැතුම්පොළට ගොස් එහි රැඳී සිටිති. ඔවුන්ගෙන් දෙදෙනකු කාන්තාවන්ය. ක්‍රිස්ටිනා කෝච් සහ ඈන් මැක්ලේන් ඒ දෙදෙනාය.
සෙසු පිරිස අතර ඬේවිඞ් සෙන් යාක්ස්, ඔලෙග් කොනෙන්කෝ, ඕලෙග් ෂ්රිපොක්යා සහ නික් හේග් වෙති. ගගනගාමිණී ඈන් මැක්ලේන් සහ ගගනගාමී නික් හේග් පසුගිය දා අභ්‍යවකාශ නැවැතුම්පොළෙන්පිටතට පැමිණ ගගන සක්මනක යෙදුණේ නැවැතුම්පොළේ අඩුපාඩු තිබේදැයි නිරීක්ෂණය කරමිනි. එහිදී එක් කොටසක බැටරි අලුත් කිරීමක් කළ යුතු බව වැටහිණි. ඒ අනුව ඒ බව නාසා ආයතනයට දැනුම් දුන්හ. බැටරි අලුත් කිරීමට ගගන සක්මනක් සැලැසුම් කළ අර එම කටයුත්ත ක්‍රිස්ටිනා කෝච් සහ ඈන් මැක්ලේන් වෙත පැවැරිණි.
කෙසේ නමුත් ඈන් මැක්ලේන් සහ ගගනගාමී නික් දෙදෙනාගේ සිරුරට ගැලපෙන ආකාරයේ ගගන ඇඳුම් කට්ටල අභ්‍යවකාශ නැවැතුම්පොළේ තිබෙන්නේ එකක් පමණි. එහෙයින් දෙදෙනාට එකවර අභ්‍යවකාශයේ ගන සක්මනක යෙදිය නොහැකි විය. ඒ අනුව, එම මෙහෙයුම අවලංගු කළ අතර, දෙදෙනා වෙන් වෙන්ම පිරිමි ගගනගාමියකු සමඟ ගගන සක්මනේ යෙදෙමින්, නඩත්තු කටයුතු සම්පූර්ණ කළ බව වාර්තා වේ. ඒ අනුව, පසුගිය මාර්තු 29 වැනිදා ගගන සක්මනක යෙදුණු 13 වැනි කාන්තාව ලෙස මැක්ලේන් ඉතිහාසයට එක් වුණු අතර 14 වැනියා බවට පත්වූයේ කෝච් ය. ලෝක ඉතිහාසයේ පළමු වරට ගගන සක්මනක යෙදුණු කාන්තාව වන්නේ සෝවියට් අජටාකාශාමී ස්වෙල්ට්ලානා සවිට්ස්කායා ය. ඒ, මීට අවුරුදු 35 කට පෙරය.
අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ සෝවියට් අජටාකාශගාමී වැලෙන්ටිනා ටෙරස්කෝවාය. මැය 1963 වසරේදී ‘වොස්ටොක් 6’ මෙහෙයුම යටතේය. ඉන්පසු යළි කාන්තාවක උඩු ගුවනට ගියේ අවුරුදු 19 කට පසු, එනම් 1982 දීය. ඇය සෝවියට් අජටාකාශගාමීයෙකි. ඇගේ නම ස්වෙල්ට්ලානා සවිට්ස්කායා ය. ඒ, ‘සෝයූස් ටී 7’ මෙහෙයුම යටතේය. ස්වෙල්ට්ලානා සවිට්ස්කායා දෙවැනි වරට යළි ‘සෝයූස් ටී 12’ මෙහෙයුම යටතේ අභ්‍යවකාශයට ගියේ 1984 ජූලි 25 වැනිදාය. එම මෙහෙයුමේදී ඇය අභ්‍යවකාශයේ ගගන සක්මනක යෙදුණාය. ඒ වනවිට ‘සෝයූස් 7’ නමින් කුඩා නැවැතුම්පොළක් සෝවියට් අජටාකාශගාමීන් පෘථිවි කක්ෂයේ රඳවා තිබුණි. ගගන සක්මනක යෙදුණු සහ පිටපිට දෙවරක් අභ්‍යවකාශයට ගිය තැනැත්තිය ස්වෙල්ට්ලානා සවිට්ස්කායා ය.
සෝවියට් දේශයේ බිඳ වැටීම 90 දශකයේ සිදුවිය. රුසියාව අභ්‍යවකාශ කටයුතු දිගටම කරගෙන යන්න විය. රුසියානු සෝයූස් මෙහෙයුමක් යටතේ සහ ඇමෙරිකා ෂටල මෙහෙයුමක් යටතේ අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව යෙලීනා වී. කොන්ඩාකෝවා ය. 2014 වසරේ සැප්තැම්බර් 26 වැනිදා, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ යෙලේනා සෙරෝවා ය. රුසියානු අභ්‍යවකාශ ආයතනය යටතේ විදේසවල ගගනාමී කාන්තාවන් කිහිප දෙනකු ද අභ්‍යවකාශයට ගොස් ඇත. 1991 දී එක්සත් රාජධානියේ හෙලේනා ෂර්මන්, 1996 සහ 2001 දී ක්ලෝදී හැගිනියේ, ඉරානයේ අනූෂි අන්සාර් 2006 දී, දකුණු කොරියාවේ යී සෝ යියොන් 2008 දී සහ ඉතාලියේ සමන්තා ක්‍රිස්තෝෆේති 2014 දී අභ්‍යවකාශයට ගියේ රුසියානු අභ්‍යවකාශ ආයතනය සමඟ එක් වෙමිනි.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ අනුග්‍රහය යටතේ, රුසියානු අභ්‍යවකාශ ආයතනයේ සෝයූස් කැප්සියුලයක ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ‘පළමු අභ්‍යවකාශ සංචාරකයා’ ලෙස සැලකෙන්නේ අන්සාරිය. අභ්‍යවකාශ නැවැතුම්පොළේ දී, අනසාරි පර්යේෂණ කිහිපයක් ද සිදු කළාය.
ඇමෙරිකාවේ නාසා ආයතනය කාන්තා ගගනගාමීන් උඩු ගුවනට යැවීම ආරම්භ කළේ 1983 වසරෙන් පසුවය. නාසා ආයතනය ඔවුන්ගේ දෙවැනි ෂටල මෙහෙයුමට සම්බන්ද කරගත් කාන්තා ගගනගාමියා සැලී රයිඞ් ය. අභ්‍යවකාශයට ගිය තෙවැනි කාන්තාව සැලී රයිඞ් ය. සැලී ට පසු, අභ්‍යවකාශයට ගිය දෙවැනි ඇමෙරිකා ගගනගාමී කාන්තාව ජූඩිත් රෙස්නික් ය. ඩිස්කවරි ෂටලයේ මෙහෙයුම් බාර ව කටයුතු කළේ ඇයයි. ඒ, 1984 දීය. ඉන් වසර එකහාමාරකට පසු චැලෙන්ජර් ෂටලය අභ්‍යවකාශ ගතවෙද්දී පුපුරා විනාශ විය. එම ෂටලයේ ජූඩිත් රෙස්නික් ද සිටියාය. අභ්‍යවකාශයට ගොස් අභ්‍යවකාශයේ සක්මන් කළ පළමු ඇමෙරිකා ගගනගාමිනිය කැතරින් සුලිවාන් ය. ඒ, 1984 වසරේ ඔක්තෝබර් 11 වැනිදාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ඇමෙරිකා කාන්තා ගගනගාමියා වන්නේ සූසන් හෙල්ම්ය. කැතරින් රූබින්ස් අභ්‍යවකාශයට ගිය 60 වැනි කාන්තාවය.
රොබර්ටා බොන්ඩාර් කැනඩාව නියෝජනය කරමින් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව වෙයි. 1992 නාසා ඩිස්කවරි ෂටල මෙහෙයුමට එක් වුණු දෙවැනි කැනඩා ගගනගාමිනිය ඇයයි. 1999 දී ජූලි පෙයේට් අභ්‍යවකාශයට ගියාය. 2017 වසරේ කැනඩා ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී වැඩ බාර ගත්තේ ද ජූලි පෙයේට් ය. චියාකී මුකායි 1985 දී අභ්‍යවකාශයට ගියේ පළමු ජපන් ගගනගාමිනිය ලෙසය. දෙවැනියට අභ්‍යවකාශයට ගිය ජපන් ගගනගාමිනිය වන්නේ නෝකෝ යමසාකී ය. ඒ, 2010 වසරේ අප්‍රේල් 5 වැනිදා ඩිස්කවරි ෂටල මෙහෙයුමකිනි. චීනය නියෝජනය කරමින් අභ්‍යවකාශයට ගිය පළමු තැනැත්තිය ලියූ යැංග් ය. ඒ, 2012 වසරේදීය. නෝකෝ යමසාකී විවාහක කාන්තාවක පමණක් නොව, මවකි. එපමණක් නොව, නෝකෝ යමසාකී චීන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවරිකි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...