වකුගඩු අකර්මණ්‍යතාව සුව කළ නොහැකි රෝගයක් වුවත් පසුකාලීනව රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධය මගින් ජීවිත රැක ගත හැකියි.
රුධිර කාන්දුකරණය -
කාන්දුකරණය දෙයාකාරයකි.රුධිර කාන්දුකරණය බහුලව භාවිත වේ. එහිදී නළ මාර්ගයෙන් රෝගියාගේ රුධිරය සිරුරෙන් ඉවතට ගෙන යන්ත්‍රයක් මාර්ගයෙන් ගමන් කිරීමට සලස්වා රුධිරය පිරිසුදු කර නැවත රෝගියාටම ලබා දේ.
මෙම ප්‍රතිකාරය සතියකට පැය 12ක් ලබා දීමෙන් රෝගියාට ඇති වන අපහසුතා බොහෝ දුරට මග හරවා ගත හැකිය. වරකට පැය 04 බැගින් සතියකට තුන් වතාවක් ලබා දීමෙන් නියමිත පැය 12 සම්පූර්ණ වේ.
කාන්දුකරණයේ අනෙක් ක්‍රමය පෙරිටෝනියල් ඩයලිසිස් නමින් හැඳින් වේ. මෙහිදී විශේෂිත ද්‍රව්‍යයක් පරිතාන කුහරයට ඇතුළු කර පරිතානයේ ඇති රුධිර වාහිනී සමග ගැටීමට සලස්වයි. එමගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් වේ. අනතුරුව එම ද්‍රව්‍ය පරිතාන කුහරයෙන් ඉවත් කෙරේ.
උදර කුහරයට සම්බන්ධිත නාලයක් මගින් මෙය සිදුවන අතර ඕනෑම රෝගියකුට නිවසේදී හෝ කාර්යාලයේදී වුව ප්‍රතිකාරය ලබා ගත හැකියි.
වකුගඩු බද්ධ කිරීම
වකුගඩු අකර්මණ්‍යතාවට ඇති හොඳම සහ නිශ්චිත ප්‍රතිකාරය වකුගඩු බද්ධ කිරීමයි. රුධිර කාන්දුකරණයට වඩා ආබාධ අවම වේ.
වෙනත් පුද්ගලයකුගේ හෝ මොළය අකර්මණ්‍ය වූ පුද්ගලයකුගෙන් නිරෝගී වකුගඩුවක් ලබා ගෙන අදාළ රෝගියාට බද්ධ කෙරේ. බද්ධ කිරීමේ ප්‍රතිකර්මවල සාර්ථක භාවය 90%ට වඩා ඉහළය.
වෙනත් පුද්ගලයකුගේ හෝ මොළය අකර්මණ්‍ය වූ පුද්ගලයකුගෙන් නිරෝගී වකුගඩුවක් ලබා ගෙන අදාළ රෝගියාට බද්ධ කෙරේ. බද්ධ කිරීමේ ප්‍රතිකර්මවල සාර්ථක භාවය 90%ට වඩා ඉහළය.
වළක්වා ගැනීම
මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගත හොත් ඒ සඳහා විවිධක්‍රියා මාර්ග ගත හැකියි. අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග සම්බන්ධව පවුල් ඉතිහාස ඇති අය තම තමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මීට වඩා උනන්දු විය යුතුය.
Comments
Post a Comment