Skip to main content

මුල්ම ගුවන් යානයේ කතාව

ලොව පළමු අහස් යානය එසේත් නැතිනම් ගුවන් යානය නිර්මාණය කළේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතී. කවුරුත් පොදුවේ පිළිගන්නා අන්දමට, ලොව පළමු ගුවන් යානය නිර්මාණය කළේත් එය සාර්ථක ලෙස පියාසර කිරීමට සැලැස් වූයේත් රයිට් සොහොයුරන් ය. ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ ඬේටන්හි පදිංචි නව නිපැයුම්කරුවන් වන ඕවිල් රයිට් සහ විල්බර් රයිට් ඔවුන් ය. 1903 දෙසැම්බර් 17 වැනිදා අහසට නැගුණු එම යානය ‘රයිට් ෆ්ලයර්’ යනුවෙන් හඳුන්වා දී ඇත.
මිනිසා අහසින් යෑමට සිහිනෙකින්වත් නොසිතූ අවදියක අහස් යානා සහ පියාඹන වස්තූන් ගැන වාර්තාවීම සැබැවින් පුදුමයකි. රාමායණයේ සඳහන් අන්දමට, රාවණා රජුගේ ‘දඬු මොණරය’ ඒ අතරින් කැපී පෙනෙයි. රාවණාගේ දඬු මොණරය නිර්මාණයට යොදා ගත් ‘පියසැරි තාක්ෂණය’ පාදක කර ගනිමින්, රයිට් සහෝදරයන් පළමු අහස් යානය නිපදවන්න අට වසරකට පෙර, ඉන්දීය ජාතික විද්වතකු වූ ශිව්කාර් බාපුජී තල්පාදේ, අහස් යානයක් නිර්මාණය කළ බව සඳහන් වෙයි.
ලොව පළමු අහස් යානය ඉදිකළේ ඇමෙරිකානුවන් නොවෙයි, අපේ එකෙක් යැයි ඉන්දියානුවෝ ආඩම්බරයෙන් කතා කරති. ශිව්කාර් බාපුජී තල්පාදේගේ අහස් යානා වික්‍රමය ඇතුළත් බොලිවුඞ් සිනමා නිර්මාණයක් පවා බිහිවී ඇත.
පසුගිය දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ විද්‍යා සමුළුව පැවැත්විණි. ඉන්දියාව අනාගතයේ සඳට යෑමටත්, තවත් අඟහරු මෙහෙයුම්වල නියැලීමත් සිදු කරනු ඇතැයි මෙහිදී අගමැති මෝදි පැවැසුවේ මහත් ආඩම්බරයෙනි. මේ වනවිටත් ඉන්දියාව සඳ ගවේෂණයට පමණක් නොව, අඟහරුගේ කක්ෂයේ රැඳී සිටිමින් අඟහරු ගවේෂණයට ද යානා යවා ඇත.
මෙම වසරේ මහ මැතිවරණයට මුහුණු දීමට සූදානමින් සිටින අගමැති මෝදිගේ ප්‍රධාන්වයෙන් පැවැති එම විද්‍යා සමුළුවට ඉනද්යිවේ නන්දෙසින් විද්‍යාඥයන්, විද්වතුන් පමණක් නොව ඉතිහාසඥයෝ ද සහභාගී වූහ.
මුලින්ම නිර්මාණය වූ අහස් යානය සම්බන්ධයෙන් පමණක් නොව, රාවණාගේ අහස් යානා ගැනත්, විද්‍යාඥ අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් සහ න්‍යාය අභියෝගයට ලක් කිරීමත් මෙහිදී සිදුවිය. ඒ, පුරාණ වේද ගන්ත්‍රවලින් ලබා ගත් තොරතුරු ඇසුරිනි. ඒ අනුව, හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබුණු බව ද පැවැසෙයි.
පුරාණ හින්දු ජනයා මිනිස් සෛල සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ බවට ලේඛන සමුළුවට ඉදිරිපත් කර තිබුණි. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ තරංග සම්බන්ධයෙන් පවතින න්‍යාය වැරැදි බව පෙන්වා දෙමින්, පුරාණ හින්දුවරුන් ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සිද්ධාන්ථ පෙන්වා දී, ගුරුත්වාකර්ෂණ තරංග ‘නරේන්ද්‍ර මෝදි තරංග’ යනුවෙන් නම් කළ යුතු බව ද තමිල්නාඩු විද්‍යාඥයෝ පිරිසක් සමුළුව අමතමින් පෙන්වා දුන්හ. සමුළුවට එක්වුණු ආචාර්ය කේ ජේ ක්‍රිෂ්ණන් කියා සිටියේගුරුත්ව විකර්ෂණ බලවේග තේරුම් ගැනීමට අයිසැක් නිවුටන් අසමත් වූ අතර අයින්ස්ටයින්ගේ නියමයන් අප සැවොම නොමඟ යැවීමට හේතුවක් වී ඇති බවය.
හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩ බැස්වීමට ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවත් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ පෙන්වා දුන්නේය. රාවණා ගැන වන්නේ, ඉන්දීය වීර කාව්‍යයක් වන වාල්මිකිගේ රාමායණයේය. රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන එන්නේ දඬු මොණරය’ නමැති අහස් යානයෙනි. රාමායණයේ දුෂ්ටයා රාවණා වුවත්, රාවණා සහ ඔහුගේ වැසියන් ඉතා බුද්ධිමත් පිරිසක් බව පිළිගන්නා ඇතැම් ඉන්දියානු විද්වත්හු ද වෙති.
ලොව පළමු අහස් යානය නිර්මාණය කළේ යැයි පැවැසෙන ශිව්කාර් බාපුජී තල්පාදේ උපත ලැබුවේ, 1864 වසරේ බොම්බේ නුවරදීය. අද බොම්බේ හැඳින්වෙන්නේ මුම්බායි යනුවෙනි.  මහාරාෂ්ට ප්‍රාන්තයට අයත් මුම්බායි ඉන්දියාවේ වෙළෙඳ අගනුවරය. ශිව්කාර් බාපුජී තල්පාදේ උගතෙකි. විද්වතෙකි. නව නිර්මාණකරුවෙකි. වේදය සහ සංස්කෘත සාහිත්‍යය ගැන පඬිවරයෙකි. සෘෂිවරුන් විසින් ලියන ලද වේදය යන්ත්‍ර, මන්ත්‍ර සහ තන්ත්‍ර (ක්‍රියා) ආදී වශයෙන් කොටස් තුනකි. වේද ග්‍රන්ථ රචනා කරනු ලැබ ඇත්තේ සංස්කෘතවලිනි.
තල්පාදේ, ප්‍රභූ පවුලක පුතකු ලෙස උපත ලැබුවේ බොම්බේ නුවර චිරා බසාර් පළාතේය. ශ්‍රී ජැම්තෙට්ජී ජීජේබොයි ලලිත කලා පාසලෙන් අධ්‍යාපනය හැදෑරීය. ගගන තාක්ෂණ විද්‍යාව සම්බන්ධයෙන්, තල්පාදේ සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළේය. තල්පාදේගේ ගුරුවරයා චිරංජිලාල් වර්මා ය. ඔහු සැමවිටම සිටියේ තල්පාදේ ගැන පැහැදීමකිනි. දයානන්ද් සරස්වතීගේ පුරාණ ගගන විද්‍යාව සම්බන්ධයේ ලියූ පොත්පත් පරිශීලනය කරන්නැයි වර්මාගෙන් උපදෙස් ලැබී ඇත. එපමණක් නොව, රිග්වේදයේ සඳහන් මහාරිෂී භරද්වාජගේ ‘පුෂ්පක රථය’ පිළිබඳ සටහන් පවා හදාරා ඇත.
රාවණා රජු සහ රාවණා රජුට අයත් ගුවන් යානා තාක්ෂණය හා වර්තමාන භෞතික විද්‍යාව සම්බන්ධයෙන්, කරුණු කාරණා සලකා බලද්දී, රාවණ රජුගේ දඬුමොණර යන්ත්‍රය කැපී පෙනෙයි. ඒ බව බොහෝ සාහිත්‍යමය මූලාශ්‍රවල පමණක් නොව, ජනප්‍රවාදවල ද සඳහන් වෙයි. පුරාණ අහස් යානා, එසේත් නැතිනම් ‘විමාන’ (ඉන්දීය මිත්‍යා කථාවලට අනුව අහස් යානා) සම්බන්ධයෙන්, භාරතයේ තාක්ෂණික ග්‍රන්ථ පවා ලියවී තිබේ. එයින් එකක් වන්නේ මෙම භාරද්වාජ සෘෂිවරයා ලියන ලද ‘පුෂ්පක රථය’ වෛමානික ශාස්ත්‍රයයි.
වෛමානික ශාස්ත්‍රයේ රාවණා ගැන සඳහනක් නැත. රාවණාට තිබුණු පියසැරි යානා හෝ දඬුමොරණ යන්ත්‍රය පුෂ්පක රථයක් බව පිළිගැනෙයි. එහි වැඩිදුරටත් සඳහන් පරිදි අහසේ ගමන් කළ වස්තූන් එසේත් නැතිනම් යානාවලට බලය ලැබෙන්නේ මන්ත්‍ර හා තන්ත්‍රවලිනි. වෛමානික ශාස්ත්‍රයේ ඉන්ජිනෙරු තාක්ෂණයට සම්බන්ධ එක් කොටසක් ද ඇත. එනම්, ආලෝක ධාරා හැසිරවීමට භාවිත කරන දර්පණ නිෂ්පාදනය ගැන ඇති සඳහන් කිරීමය. ආලෝක ධාරා හැසිරවීමට විශේෂිත මිශ්‍ර ලෝහ වර්ගයක් භාවිත කළේ යැයි සඳහන් වෙයි. මෙවැනි දර්පණ වර්ග 7 ක් විමාන ලෙස හැඳින්වූ යානාවලට යොදා ගත් බව පැවැසෙයි.
තල්පාදේ පළමු අහස් යානය නිර්මාණය කළේ යැයි පැවැසෙන්නේ 1864 වසරේදීය. ඒ වනවිට ඉන්දියාව බි්‍රතාන්‍ය යටත් විජිතයකි. තල්පාදේ සැමගේ උසුළු විසුළු මැද, ගැරැහුම් මැද ලොව පළමු අහස් යානය නිර්මාණය කළේය. එම යානය ‘මාරුත්සාකා’ ලෙස නම් කරන ලදි. මෙය සංස්කෘත වදන් දෙකක එකතුවකි. ‘මාරුත්’ යනු මාරුතය හෙවත් සුළඟය. මෙහිදී අහස යන්න ද යොදා ගැනීමට හැකිය. ‘සාකා’ යනු ‘මිතුරා’ ය. ඒ අනුව, ‘මාරුත්සාකා’ යනු ‘මාරුතයේ මිතුරා’ යන්නය. 1985 වසරේ දී මරාති බසින් මුද්‍රණය වුණු ‘කේසාරි’ පුවත්පතේ ඩී.කේ. කංජිලාල් ලිපි පළ කර ඇත. ඒ, ‘පුරාණ ඉන්දියාවේ විමාන එසේත් නැතිනම් පුරාණ ඉන්දියාවේ පියැසරි යන්ත්‍ර යන මාතෘකාව යටතේය.
කෙසේ නමුත් අහස් යානායක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණය හෝ දැනුම හෝ තල්පාදේ ට තිබුණේ ද යන්න බොහෝ දෙනාගේ සැකයට භාජන වී ඇත. තල්පාදේගේ එක් ශිෂ්‍යයකු වූ සාතාවෙලේකාර් තැබූ සටහනක සඳහන් වෙන්නේ, තල්පාදේ නිර්මාණය කළ අහස් යානය මිනිත්තු කිහිපයක් අහසේ පියාසර කළේ එය නැරැඹීමට පැමිණ සිටි සැවොම මවිතයට පත් කරමින් කියාය. එය අඩි 1500 ක් ඉහළට ගියේ යැයි ද පවසා ඇත. අඩි 1500 ක් ඉහළින් පියාසර කළ එම යානය පසුව බිමට කඩා වැටී ඇතැයි ද ඉතිහාස වාර්තාවල වැඩිදුරටත් සඳහන් වී තිබේ. 2015 වසරේ තිරගත වුණු ‘හවයිසාදා’ බොලිවුඞ් සිනමා නිර්මාණයට පාදක වන්නේ තල්පාදේගේ කතාවය. එහි තල්පාදේගේ චරිතයට පණ පොවන්නේ ආයුෂ්මාන් කුරානාය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...