Skip to main content

පලතුරු අතර හොඳම පලතුර

පලතුරු අතර හොඳම පලතුරක් ලෙස කිවි පලතුර හැඳින්වේ.
මන්ද මිනිස් සිරුරේ DNA රැක දෙන එකම පලතර මෙයයි.  සාමාන්‍ය දොඩම් ගෙඩියක තිබෙන විටමින් c ප්‍රමාණයට වඩා වැඩි විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරකි.
ඉතාම තද කොළ වර්ණයක් ඇති කිවි පලතුර ඇතුළේ ඇති සියුම් කුඩා කලු ඇටය නිසා ඕනෑම වර්ගයේ සලාදයක් වුව වර්ණවත් කිරීමට සමත් වේ.
අවුන්ස 04ක් බරැති අඟල් 03ත් දිගැති මෙම පලතුර ක්‍රීම් රසය, ස්ට්‍රෝබෙරි, අඹ, කෙසෙල් රසය ඇති පලතුරු කිහිපයක රස මිශ්‍රණයක් පවතී. ලංකාවේ නොවැවුණද වෙළෙඳපොලේදී දක්නට හැකිය.
පවතින පෝෂණ ගුණය
විටමින්  c   - 120%
කෙඳි          -  8%
පොටෑසියම් - 6.4 %
කැලරි         -  2 %
'කිවි' ගුණ-
ඔක්සිජන් අඩු වැඩි වීම් ආශ්‍රිතව සිදු වන මිනිස් සෛලවල අනතුරු වලක්වා ලීමට කිවි උපකාර වේ.
DNA සෛල ආරක්ෂා කිරීමේ ගුණය
මේ පිළිබඳව වෛද්‍යවරුන් කළ පරීක්ෂණයකින් හෙළි වූයේ පලතුරෙහි අඩංගු ෆ්ලෙවනොයිඩ්, බෙටා කැරටින්, විටමින් c සහ කාටිනෝයිඩ්ස් නිසා DNA ඉතා හොඳින් ආරක්ෂා වේ.
එසේම එදිනෙදා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන පලතුරකි.
'කිවි ' ගුණ දෙන ලෙඩ රෝග
හුස්ම ගැනීමේ අපහසුවට, රාත්‍රියේදී ඇති වන කැස්ස ගතියට, විසහරණය කිරීමේ ගුණය වැඩි නිසා විටමින් c ප්‍රමාණයද වැඩියි. ශරීරයේ හිතකර ශෛල වනසන ඉදිමුව සහ දැවිල්ලට, පිළිකා වැනි භයානක රෝග හට ගැනීම ඇති කරවන ශෛල නිෂ්පාදනය දුරු කිරීමට හොඳයි.
ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, ඇදුම, මහ බඩ වැල ආශ්‍රිතව හටගන්නා පිළිකා, ආතෘස්කොලරෝයිස්, වෙරිකෝස්, දියවැඩියාව, රුධිර පීඩනය, හෘදය අමාරු, හෘදය වස්තුවේ බිඳවැටීම්, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාවේ පිරිසුදු කිරීම් සඳහා මෙන්ම  ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමට කිවි පලතුර කුඩා, වැඩිහිටි,ගර්භණී සැමටම ඉතා සුදුසුයි. කෙඳිවල ඇති ගුණය නිසා රුධිර පීඩනය පාලනය කිරීමටත්, කොලෙස්ට්‍රෝල් අඩු කිරීමටත් කිවි කදිමය.
තවද මාංශ පේශීවල අලුත් එකතු කිරීම් සඳහාවන වර්ධනයටත් මෙය ගුණදායී වේ. හෘදය වස්තුව ආශ්‍රිතව ඇති වන අපහසුතාවලදී නොයෙක් වර්ගයේ බෙහෙත් බොන අය සඳහා සුදුසුය.
පලතුරක් වුවද සලාදයක්, පිපාසය නිවාලන බීමක්, රස අතුරුපසක්, සලාද කාරකයක් වශයෙන්ද කල් තබා ගත හැකියි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...