"මම දැන් බොහෝම වයසයි. මගේ ශරීරය දැන් ගොඩාක් දුර්වලයි. ඉස්සර වගේ මහන්සිවෙන්න බෑ... ඉස්සර මගේ ගාව හිටිය ගොඩක් අය දැන් මා ළඟ නෑ. අම්මා, තාත්තා, ආච්චි අම්මා, මගෙ සැමියා,යයිකො අක්කා... මේ හැමෝම දැන් මාව දාලා ගිහින්. දැන් මට හරිම පාළුයි..."
ග්රේස් තන්නකෝන් මහත්මියගේ හැඟීම්බර ස්වරයෙන් බලා එන ඒ වදන් පෙළ නරඹන්නන් තුළ ක්ෂණික කම්පනයක් ඇතිකරවයි. නිමේෂයකින්, ඔහාර ඉතකෝ චරිතයේ සුරතල්, දඟකාර ළමාවිය, වැඩිවියට පිළිපන් ඈ මුහුණදුන් අනේකවිඳ අභියෝග, ලෝකයුධ සමයේ තිදරුමවක් ලෙස ගත කළ දුෂ්කර දිවිය, යුද්ධයෙන් පසු අසීරු සමය තුළ සිය ව්යාපාරය පවත්වාගෙන ආ ආකාරය ප්රේක්ෂක මනස තුළ විදුලි කොටන්නාක් මෙන් සිහිවන්නට පටන් ගනී...
මේ දිනවල "අත්තටු නෑ ඒත් එයා ඉගිළෙයි" නාට්යයේ අවසාන කොටස් පෙළ විකාශය වෙමින් පවතී. එදා ඇය සොඳුරු, සුකුමාල තරුණියක්. ඒත් ඇය අද දුබල, වයෝවෘද්ධ කාන්තාවක්. ඇගේ දරුවන් දැන් ලොකුයි. ඇය දැන් ආච්චිඅම්ම කෙනෙක්. එදා ඈ එක්ක හිටපු යාළුවො, නෑදෑයෝ, අසල්වැසියො දැන් නෑ.
බලන්න.. මෙය නොවේද අපේ ජීවිතය. මෙය නොවේද අප කොතරම් අකමැති වුණත්, අප මුහුණදෙන ඉරණම. මෙය නොවේද බුදු දහම...
මෙවන් ටෙලිනාට්ය තුළින් ලැබෙන ඒ ආදර්ශය, බොළඳ ඉන්දියානු නාට්ය දහසක් විකාශය කළද සමාජයට ලැබිය හැකිද?
ප්රේක්ෂකයින් ආනන්දයෙන්, ප්රඥාවට ගෙනඑන මෙවන් අපූර්ව ටෙලිනාට්ය විකාශය කරන ජාතික රූපවාහිනියටත්, අතුල රන්සිරිලාල් මැතිදුන්ටත් අපේ උත්තමාචාරය..!!!!

Comments
Post a Comment