Skip to main content

කංසා භාවිතයේ පැරැණි ම සාධක නූතන චීනයෙන්




කංසා හෙවත් ගංජා යනු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව තිබෙන ශාකයකි. Canna-bis sativa යනුවෙන් විද්‍යාත්මකව හ`දුන්වනු ලබන මේ ශාකයෙන් ලබාගන්නා ද්‍රව්‍ය විවිධ භාවිත සඳහා යොදාගැනෙයි. කෙඳි ලබාගැනීම, තෙල් ලබාගැනීම, ඔසුවක්‌ ලෙස මෙන්ම මනෝ සක්‍රියකාරක සංඝටකයක්‌ (psychoactivecompound) ලෙස ද කංසා ශාක භාවිත වෙයි. මෙය මත්ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත වන බැවින් ඒවා වගා කිරීම නීතියෙන් තහනම් ය.

කංසා භාවිතය කුමන කාලයක දී ආරම්භ වී ද යන්න පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ කලක පටන් ය. මෙතෙක්‌ හෙළි වී තිබෙන කරුණු අනුව වර්තමාන චීනයේ හෙවත් නැෙ`ගනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර තිබෙන බව සැලකෙයි. පොදු වර්ෂ පූර්ව 4000 පමණ ඉහත කාලයක දී එසේ භාවිත වී තිබෙන බවට පුරාවිද්‍යා ස්‌ථානවලින් සාධක ලැබී ඇතත් ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගත්තේ ද යන්න ගැන එම`ගින් අනාවරණය වී නැත. නැෙ`ගනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර හා වගා කරන්නට ඇත්තේ එහි තෙල් සහිත බීජ හා කෙඳි සඳහා ය. මීට වසර කීපයකට පෙර සුසානයක වළ දමන ලද ශරීරයක්‌ හරහා දැමූ සළුවක්‌ ලෙස කංසා ශාක තබා තිබෙනු අනාවරණය විය.

මේ අතර බටහිර චීනයේ සුසානයක්‌ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් මනෝ සක්‍රිය කාරක සංඝටකයක්‌ ලෙස කංසා භාවිතය පිළිබඳව මෙතෙක්‌ අප දන්නා පැරැණිතම සෘජු සාධක ලැබී තිබෙයි. එම අධ්‍යයනයට අනුව අදින් වසර 2,500කට පමණ පෙර කාලයක දී කංසා ඒ අයුරින් භාවිත කර තිබෙයි.


සුසානයකින් ලැබුණු සාධක

මේ කරුණු අනාවරණය වී ඇත්තේ බටහිර චීනයේ පාමීර් (Pamir) ක`දුකරයේ සානුවක පිහිටා තිබෙන ජිර්සන්කල් (Jirzankal) නම් සුසාන භූමියේ කැණීම්වලින් හමු වූ අ`ගුරු කබලක්‌ වැනි දැවමුවා බ`දුන් (brazier) පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පරීක්‌ෂණවලිනි.

දැව කැබැල්ලක සිදුරක්‌ සාදා තනා තිබූ මෙවැනි බ`දුන් 10ක්‌ සුසාන 8කින් ලැබී තිබෙයි. ඒවා තුළ තිබී හමු වූ ගල් කැබැලි අතීතයේ දී ඉහළ උෂ්ණත්වයකට රත් කර ඇති බව හෙළි විය. රත් කළ ගල් කැබැලි එතුළට දමා කිසියම් ද්‍රව්‍යයක්‌ උණුසුම් කිරීමට යොදාගන්නා ලද බව විද්‍යාඥයන් හ`දුනාගෙන තිබෙයි. ඒ කිසියම් සුවඳ ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් ශාකමය ද්‍රව්‍යයක්‌ හෝ විය හැකි බව ඔවුහු අනුමාන කළ හ.

මේ බ`දුන්වල ශේෂ වී තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් ඒ අයුරින් රත් කළ ද්‍රව්‍ය මොනවා දැයි හ`දුනාගැනීම විද්‍යාඥයන්ගේ මීළ`ග පියවර විය. ඒ ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමෙන් පසුව ඒවා පිළිබඳව වායු වර්ණලේඛ ශිල්පය හා ස්‌කන්ධ වර්ණාවලිමිතික (gas chromatography-mass spectrometry) ක්‍රමවේද අනුව පරීක්‌ෂා කරන ලද්දේ ඒවා හ`දුනාගැනීම පිණිස ය. එම`ගින් හෙළි වූයේ එම දැවමය බ`දුන් දහයෙන් නවයක ම තිබී ඇත්තේ ඒවා කංසාවල ඇතුළත් කැනබිනොයිඩ (Cannabinoids) නම් රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩයට අයත් වූ ද්‍රව්‍ය බවයි.

ඒ අනුව කංසා කොළ හා රත් වූ ගල් සහිත බ`දුන්වල දමා එම`ගින් පිට වන දුම ආඝ්‍රාණය කරන්නට ඇති බව විද්‍යාඥයන්ගේ අදහස වෙයි. මෙසේ කංසා දුම භාවිත කරන්නට ඇත්තේ කිසියම් අභිචාර විධි ක්‍රමයක්‌ සඳහා හෝ ආගමික ක්‍රියාකාරකම්වල දී විය හැකි ය. මෙහි දී හමු වූ ද්‍රව්‍ය අවමංගල්‍ය ආශ්‍රිත කිසියම් අභිචාරයක්‌ සඳහා යොදාගත්තක්‌ වීමට ද ඉඩක්‌ පවතී.

ඒ අනුව මනෝ සක්‍රිය බව ලබාගැනීම සඳහා කංසා ආඝ්‍රාණය භාවිත කළ බවට ඇති පැරැණි ම පැහැදිලි සාධකය ලැබෙන්නේ මේ ස්‌ථානයෙනි. එය සිදු ව ඇත්තේ අදින් වසර 2500කට පමණ පෙර දී ය.


රසායනික සංඝටක තැනින් තැනට වෙනස්‌

ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල රසායනික ස්‌වභාවය හා කිලෝමීටර් 1600ක්‌ පමණ නැෙ`ගනහිරට වන්නට පිහිටා තිබෙන ජියාහි නම් සුසානයකින් හමු වී තිබෙන කංසාවල රසායනික ස්‌වභාවය සංසන්දනය කිරීමේ දී පර්යේෂකයන්ට අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ ජියාහි හමු වූ කංසාවල THC හෙවත් ටෙට්‌රාහයිෙඩ්‍රාකැනබිනෝල් නම් (tetrahydrocannabinol) රසායනිකය නො තිබූ බවයි. ඒ කංසාවල දැකිය හැකි මනෝ සක්‍රියකාරක බව ඇති කිරීමට හේතු වන ප්‍රධානතම රසායනික සංයෝගයයි. ඒ අනුව ජියාහි සුසානයෙන් හමු වූ කංසා භාවිත කරන්නට ඇත්තේ කෙඳි හා පෝෂක බහුල ඇට ලබාගැනීම වෙනුවෙන් විය හැකි ය. ජියාහි පිහිටි සුසානය පොදු වර්ෂ පූර්ව 8-6 ශතවර්ෂ අතර කාලයකට දින නියම කර ඇත.

එම ස්‌ථාන දෙකෙහි එවැනි වෙනස්‌කමක්‌ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ද පර්යේෂකයන් පැහැදිලි කර තිබෙයි. මුල් කාලයේ වගා කරන ලද කංසා ශාකවල මෙන්ම ඒවායේ වල් දර්ශවල ද පෙර කී මනෝ සක්‍රියකාරක රසායන සංයෝග පැවතුණේ අඩු ප්‍රමාණවලිනි. එසේ නම් ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල ආඝ්‍රාණය කිරීමට තරම් එeවැනි සංයෝග පැවැතියේ කෙසේ ද යන්නට පිළිතුරක්‌ තිබෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල දී කංසා ශාකයේ THC මට්‌ටම ස්‌වාභාවිකව ම ඉහළ යන බවයි. එවැනි ප්‍රදේශයක පවත්නා අඩු උෂ්ණත්වය, අඩු පෝෂක සහිත පස වැනි ඉහළ උන්නතාංශයක්‌ සහිත පරිසර තත්ත්වවල දී මෙවැනි දෙයක්‌ සිදු විය හැකි බවට මේ වන විට විද්‍යාඥයන් දන්නා කරුණකි. ජිර්සන්කල් සුසානය පිහිටා තිබෙන ප්‍රදේශය අඩි 10000ක්‌ පමණ උස්‌ වූ ප්‍රදේශයකි.

අනෙක්‌ අතට මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන් වල් දර්ශ වෙනුවට වැඩි THC ප්‍රමාණයක්‌ තිබෙන කංසා වගා කළා වන්නට ද හැකි ය. නැතිනම් පරිසරයෙන් එවැනි පැළෑටි හ`දුනාගෙන භාවිතයට ගත්තා විය හැකි ය. එමෙන් ම මේ සානුව පිහිටි ප්‍රදේශය හරහා අතීතයේ මිනිසුන් විශාල ලෙස ගමන් කළ මාර්ග වැටි තිබූ බැවින් වෙනත් ප්‍රදේශවල වවන ලද කංසා පැළ හා එම පළාතේ වවන ලද කංසා පැළ අතර යම් මුහුම් වීමක්‌ පවා සිදු වන්නට ඉඩක්‌ තිබූ බව ද පෙන්වා දී ඇත. මෙවැනි ඉහළ අගයකින් THC හමු වන කංසා සමකාලීන වෙනත් ස්‌ථානයකින් මෙතෙක්‌ හමු වී නොමැත.



කංසා භාවිතය පැතිරීම

ඉහත කැණීමෙන් ලද දින වකවානු හා මෙතෙක්‌ සුසානවලින් කංසා හමු වූ ස්‌ථාන පිළිබඳව ඇති සෙසු සාධක හා ගැළපෙයි. එවැනි ස්‌ථාන දෙකක්‌ ජිර්සන්කල්වලට වඩා උතුරින් පිහිටි චීනයේ සිංජියැන් කලාපයෙන් හා රුසියාවේ අල්ටායි ක`දුකරයෙන් හමු වී තිබෙයි.

කංසා එහි මනෝ සක්‍රියකාරක රසායනික සංයෝග සඳහා මුලින් ම භාවිත වන්නට ඇත්තේ මධ්‍යම ආසියාවේ නැෙ`ගනහිර ක`දුකර ප්‍රදේශවල බවට හා එය පසු කලක ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වන්නට ඇති බවට පවත්නා මතයට මේ පර්යේෂණයේ ප්‍රතිඵල සාධක ලෙස ගත හැකි ය.

අදින් වසර 2500කට පෙර කාලයක විසූ මිනිසුන් ඔවුන් හ`දුනාගත් විශේෂිත පැළෑටි ඒවායේ අඩංගු රසායනික සංයෝග නිසා වැදගත් කොට සැලකූ ආකාරය මෙහි දී හෙළි වන වැදගත් කරුණකි. එම`ගින් පෙනෙන්නේ මිනිසුන් තමන් අවට පරිසරයේ ජෛව සම්පත් සම`ග කෙතරම් බැඳී සිටියා ද යන්නයි. එමෙන් ම තමන් අවට ශාකවලට කෙතරම් පරිණාමීය පීඩනයක්‌ මිනිසුන් එල්ල කර තිබෙන්නේ ද යන්න පෙන්වා දෙන අවස්‌ථාවක්‌ ලෙස ද පර්යේෂකයන් මේ අධ්‍යයනය හ`දුනාගෙන ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...