"Gu Family Book " කතා මාලාව නැරඹූවා නම් Bae Suzy හා Lee Seung Gi ඔබට හුරුපුරුදු රංගන ශිල්පීන් දෙපළක්.
2019 සැප්තැම්බර් මස 20 වන දින කොටස් 20 කින් යුතුව SBS නාළිකාව තුළින් එළිදැක්වීමට නියමිත Suzy හා Seung Gi රංගනයෙන් දායක වන නව කොරියානු කතා මාලාව-"Vagabond "
Cha Dal-Gun (Lee Seung Gi ) කියන්නෙ ප්‍රසිද්ධ ක්‍රියාදාම නළුවෙක් වෙන්න හීන දකින ස්ටන්ට් කෙනෙක්. සිදුවන ගුවන් යානා අනතුරකින් ඔහු අහම්බෙන් දිවි ගලවාගන්න සමත් වුනත් මේ ගුවන් යානා අනතුරින් සිවිල් වැසියන් 200 කට අධික පිරිසක් මරණයට පත් වෙනවා. නමුත් මේ අනතුරේ ඇති සැකසහිත බව නිසාම මේ අනතුර පිටුපස ඇති සැගවුනු රහස සොයා ගන්න ඔහු තීරණය කරනවා . ඒ අනුව ඔහු සත්‍ය සොයා මෙහෙයුමක් ආරම්භ කරනවා.
මෙහිදී තමයි ඔහුට Gu Hae Ri මුන ගැසෙන්නේ.
Gu Hae Ri ( Bae Suzy ) තම මව සහ සහෝදරයා වෙනුවෙන් මහජන සේවකයෙක් වෙන්න හීන දකිනවා. අවසානයේ ඇය රාජ්‍ය බුද්ධි අoශයේ නියෝජිත වරියක් බවට පත් උනත් උනත් ඇයව හැදින්වෙන්නේ කළු නියෝජිතයෙක් ලෙසයි.
ඉතින් Gu Hae Ri හා Cha Dal Gun ගේ කතාව දැනගන්න Vagabond නරඹන්න අමතක කරන්න එපා
Comments
Post a Comment