Skip to main content

සියුම් පටක වලට සිදුවී ඇති හානියක් HIV ශරීර ගත වීමට ප්‍රමාණවත්ය

“ඒඞ්ස්’ ලෝකයේම මිනිසුන් වැඩිපුරම බියවෙන රෝගයන්ගෙන් එකකි. රෝගයෙහි ඇති භයානකකමත් ඒඞ්ස් රෝගය නිත්තාවට සුවකළ නොහැකි වීමත් රෝගයට බියක් දැක්වීමට ප්‍රධානතම හේතුන් විය හැකිය. කෙසේ නමුත් ලෝක ප්‍රජාවගේ අවධානය “ඒඞ්ස්’ ගැන යොමුවන දෙසැම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ඒඞ්ස් දිනයේදී පමණක ඒඞ්ස් ගැන මතකය අවදිකර නොගෙන ජීවිත කාලය පුරාවටම මෙවැනි භයානක ලෙඩකට ගොදුරු නොවීමට වගබලා ගනනා ලෙසට මතක් කරමින් මෙම සටහන අපි තබන්නෙමු.   
HIV පරීක්ෂා කර ගනිමු” ප්‍රතිකාර ගෙන සුවෙන් සිටිමු.
මෙවර ලෝක ඒඞ්ස් දිනයේ තේමා පාඨය වේ. 2025 වසරේදී මෙරටින් ඒඞ්ස් තුරන් කිරිමේ අදිටනින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය සංවිධාන මගින් මෙම තේමා පාඨය යොදාගෙන තිබේ.   

ඒඞ්ස් රෝගය හැදේනේ කොහොමද?
"Human Immuno deficieney virus යන ඉංග්‍රීසි බසින් හැදින්වෙන මෙම වෛරසය සිංහල බසින් අර්ථ දැක්වෙන්නේ “මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය” ලෙසය. ඒඞ්ස් රෝගය ඇති කරනා HIV වෛරස මෙය වේ. HIV වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට හුදෙක්ම ඇතුළු වනුයේ HIV ආසාදිතයෙකු සමග ඇති කරනා ලිංගික ඇසුරකිනි. HIV ආසාදිතයෙකුගේ එක් රුධිර බිංදුවක් හෝ ශරීරයේ යම් යම් තරල හුවමාරු වීම රෝගය පැතිරීමට හේතු යෙදේ. ඇසට නොපෙනෙන තරම් වූ සියුම් පටක වලට සිදුවී ඇති හානියක් වෛරසය ශරීර ගත වීමට ප්‍රමාණවත් වන අතර හර්ෂීප් වැනි ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරු වූ අයෙකුට ලිංගාශ්‍රිත ප්‍රදේශවල තිබෙන තුවාල හේතුවෙන් එච්.අයි.වී. වෛරස පහසුවෙන්ම පැතිරීමට ඇති ඉඩකඩ වැඩිය. මීට අමතරව එන්නත් කටු හවුලේ භාවිතා කරන්නන්ටද HIV ්‍වෛරසය ශරීරගත වීමට ඇති ඉඩකඩ වැඩිය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මත් ද්‍රව්‍ය සිරුරට විදගැනීමට එකම එන්නත් කටුවක් භාවිතා කිරීම හෝ ඖෂධ නික්ෂේෂණය කිරීමේද රෝගය බෝවීම කරුණු යෙදේ.  
HIV වෛරසය ආසාධනය විය හැකි අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ එච්.අයි.වී. ආසාදිත මවකගෙන් තම කුස තුළ වැඩෙනා දරුවාට රෝගය පැමිණීමය.
  
HIV වෛරසයෙන් සිදුකරනා ප්‍රධානම බලපෑම කුමක්ද?
මෙම වෛරසයෙන් ප්‍රධානම බලබෑම එල්ල වෙනු ලබන්නේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතියටය. යම් විෂ බීජයක් ශරීරගත වු එම විෂබීජයට එරෙහිව සටන් කිරීමේ හැකියාව ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ලැබෙන අතර HIV වෛරයයේ බලපෑමෙන් මෙම ක්‍රියාවලින් සියල්ල සම්පූර්ණයෙන්ම ඇන හිටිම සිදුවේ.   
HIVවෛරසය ශරීරගත වීම මුලින් හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් අදියර 4ක් යටතේ වර්ගීකරණය කෙරෙනා HIVආසාදිත රෝගයෙකු ඒඞ්ස් රෝගයට ගොදුරු වීම ඉතා ඉක්මනින් සිදුවියහැකිය. එවැනි අවස්ථාවලදී පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තිය නිපදවෙන සුදු රුධිරානු ප්‍රමාණය මිලි ලීටර් 200 දක්වා අඩු වී පුද්ගලයා ප්‍රතිශක්තියෙන් හීන පුද්ගලයෙකු බවට පත් කෙරේ.
  
ඒඞ්ස් වැළදීම බහුලව සිදුවන බවට වාර්තා වන්නේ කා අතරද?
දැනට වාර්තාවන දත්තයන්ට අනුව සමලිංගිකයන් අතර එච්.අයි.වී. වෛරසය ආසාදනය බහුලව දක්නට ලැබේ. ඔහු ලිංගිකයන්ගෙන්ද රෝගින් චාරිතාවීමක් දක්නට ලැබෙන අතර විරුද්ධ ලිංගිකයන්ගෙන්ද ආසාදිතයන් වාර්තා වේ.  
කෙසේ නමුත් ඒඞ්ස් රෝගින්ගේ වැඩිවීමත් ලංකාවේ නොමැති අතර දැනුවත් කිරීම් හේතුවෙන් පුද්ගලයන් පරීක්‍ෂාවන්ට ලක්වීමෙන් HIV වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම වැඩි වී තිබේ.   

දැනට ලංකාවේ රෝගීන් කොපමණක් සිටින බවට හඳුනාගෙන තිබෙනවාද?   
දැනට කර ඇති ඇස්තමේන්තුවලට අනුව එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ රෝගීන් 3500-4200 ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇත. මෙහි අවධානම්ම කරුණ වනුයේ මෙම පිරිසෙන් 1/3 පමණ එනම් 1200-1500 පමණ පිරිසක් තමාට ්‍යෂඪ වෛරස ශරීරගත වී බව නොදැන සමාජයේ ජීවත් වීමය. මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකිරීම රෝග පාලනයට බාධාවක් වී තිබේ.  

රුධිර පරීක්‍ෂාවකට ලක්විය යුත්තේ කවුරුන්ද?   
ජීවිතයේ කෙදිනක හෝ විශ්වාස නොවන ලිංගික ඇසුරක යෙදුනු ඕනෑම අයෙකු හෝ සැකයක් ඇති ඕනෑම අයෙකු රුධිර පරීක්‍ෂාවක් කර තමාට ්‍යෂඪ වෛරස ශරීරගත වී ඇද්දනැද්ද යන්න සැකහැර දැන ගත හැකිය.   

රුධිර පරීක්‍ෂාවක් කර ගත හැක්කේ කෙසේද?   
වර්තමානය වන විට දිවයිනපුරා රෝගල් වල ස්ථාපිත කර ඇති ජාතික ලිංගාශ්‍රීක රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටන් සායනයට ගොස් නොමිලේ රුධිර පරීක්‍ෂාවක් කර ගත හැකිය. අතින් ලබාගන්නා එක් පුංචි රුධිර බිංදුවකි HIVවෛරස ශරීරගත වී ඇද්ද, නැද්ද යන්න විනාඩි 20 වැනි ඉතාම කෙටි කාලයකු දි දැනගත හැකි පරිදි සියලු පහසුකම් රෝහල් වල දියන් කර තිබීම විශේෂිත කරුණකි.  

HIVවෛරස ශරීරගත වූ විට ඇති වන රෝග ලක්ෂණ කෙබඳුද   
පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිය අනුව රෝග ලක්ෂණා මතුවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය.  
කෙසේ නමුත් වෛරසය ශරීරාගත වී සති දෙකක් පහත් අතර කාලයේදී සියයට 50කට පමණ රෝග ලක්ෂණ මතුවේ.   
 ● ඇඟිපත වේදනාව   
 ● ගුරු වණවීම නිසා හට ගන්නා වේදනාව  
 ● ඇග සීතල කරමින් හටගන්නා උණ  
 ● සිරුර පුරා පැතිරුනු ලප.   
 ● මුඛය සහ ලිංගික ප්‍රදේශවල ඇතිවන වණ වීම්   
  ● වසා ගැටති ඉදිමීම් ආදි රෝග ලක්ෂණ දක්නට ලැබේ. මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරසයක් ශරීරගත වීමකදී පවා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිමත් වීම ඉතාම වැදගත් ඒඞ්ස් රෝගයේ පළමු අදියයරේදී මෙවැනි ලක්ෂණ දක්නට ලැබේ  

දෙවන අදියරේ රෝග ලක්ෂණ   
ඒඞ්ස් රෝගියෙකුගේ දෙවන අදියරේදී රෝග ලක්ෂණ නොපෙනීමයි. රෝග ලක්ෂණ කිසිවක් නොපෙනවා සිටින ාලය වසර 10 පමණ ඉක්මවා යාමටද පුළුවන වෛරස් ආසාදිතයා යහපත් සෞඛ්‍යයකින් සිටින අතර ඇතැම් ආසාදිතයන්ගේ පමණක් බෙල්ලේ, කිහිල්ලේ සහ ඉකිලිවල වසා ගැටිති විශාල වීමත් දැක ගත හැකිවේ. මෙම කාලය ඉතාම භයානක කාලයක් වන අතර රෝගය වෙන කෙනෙකුට බෝ වීමේ හැකියාව මෙම අවදියේදී සක්‍රීයව තිබේ. මේ ප්‍රතිකාර සඳහා යොමු නොවන ්‍යෂඪ වෛරස ආසාදිතයන් මෙම දෙවන අදියරට යටත්ය.   

තෙවන අදියරේ ස්වභාවය කෙබෙදුද?  
රෝගියාට දිලීර ආසාදනයන් ඇති වීම බහුලව දක්නට ලැබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ සිරුරේ ප්‍රතිශක්තියට හීන වීමෙන් සිරුරට ඇතුළු වන විෂබීජ රෝග ඇති කිරීමට ඉවහල් වීමය.   
කුඩා දරුවන්ගේ මුඛයේ හට ගන්නා කිරි මැලියම් හෙවත් උල්ලෙනිගම් ඇති කරනු ලබන දිලීරය මගින් මුඛයේ සහ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ආසාදනයන් ඇති කරනු ලබන මෙහිදී කාන්තාවන්ට කිරිවන් සුදයාමක් ඇතිවිය හැකිය මීට අමතරව වෙනත් චර්ම රෝග සිරුර කෙට්ටු වීම බර අඩුවීම පාචන තත්ත්වයන් වරින්වර දහඩිය දැමීම ආදිය දැක හැකිය. එමෙන්ම ඉතා ඉක්මනින් මහන්සි වන ගතියක් ද දැනේ. මෙම කාලසීමාවේදී රෝග ආසාදිනයන් තමන් එච්.අයි.වී. ආසාදනයෙන් පෙළෙනා බව නොදැන කල් ගත කරනවා විය හැකිය  
අවසන් අදියර  
HIV ආසාදනයේ අවසාන අදියර වනුයේ ඒඞ්ස් රෝගී තත්ත්වය එහිදී ඉහතින් සඳහන් කළ රෝග ලක්‍ෂණ වල වැඩිවීමක් දක්නට ලැබෙන අතර සිරුර කොට්ටුවීම උණ හට ගැනීම රාත්‍රි කාලයේදී අධික ලෙස දහදිය දැමීම බොහෝ විට දකින්නට ලැබේ.       

ඒඞ්ස් රෝගය සුවකළ නොහැකිද?   
මෙම රෝගයේ භයානකකම වන්නේ එයයි. ඒඞ්ස් රෝගියෙකු සුව කළ නොහැකි වුවද HIV ආසාදිතයෙකු රෝගය මුලින්ම හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමසු වීමෙන් රෝගය පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. එමෙන්ම සාමාන්‍ය පුද්ගල ආයුකාලයක්ද භුක්ති විදීමට පුළුවන   

ඒඞ්ස් බෝ විය හැකි බවට සමාජයේ පවතින මිත්‍යාවන් මොනවාද   
HIV ආසාදිතයෙකු ස්පර්ශ කිරීමෙනි. එකට හිද කෑම බීම ගැනීමෙන් හවුලේ වැසිකිළි භාවිතයෙන්, පිහිනුම් තටාක මගින් ලේ උරා බොන මදුරුවන් හෝ කූඩැල්ලන් මගින් දොර හැබල් සහ යතුරු ස්පර්ශ කිරීමෙන් පිගන් කෝප්ප එකට භාවිතයෙනි. අතට අත දී ආචාර කිරීමෙහි සිප වැලඳ ගැනීමෙන් කොට්ට තුවා ආදිය පරිහරණයෙන් ආදී රෝගියාගෙන් ඇඳ පුටු භාවිතයෙන් හෝ ඇඳුම් ඇඳීමෙන් ්‍යෂඪ වෛසය ශරීරගත වීඹක් කිසි සේත්ම සිදුවන්නේ නැත.  
 
රෝග වලක්වා ගැනීමට කළ හැකි දේ.   
HIV වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි සරලම සහ පහසුම ක්‍රමය වනුයේ ලිංගිකව එක් වීම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කිරීමය. එසේ නොවනා සෑම ඇසුරකදීම ආරක්‍ෂිත කොපුවක් (කොන්ඩමයක්) නිවැරදිව භාවිත කිරීමෙන් එච්.අයි.වී. සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝගයන් සියල්ලද වළක්වා ගත හැකි  
 
වැඩිදුර විස්තර දැන ගැනීමට  
රජයේ රෝහල්වල ස්ථාපිත කර ඇති ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන් මගින් රෝගයට අදාළ ඕනෑම තොරතුරක් ලබාගත හැකිය. ඊට අමතරව අංක 29 ද සේරම් ප්‍රදෙස කොළඹ 10 ලිපිනයෙහි ඇති ජාතික ලිංගාශ්‍රිත හා ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් තොරතුරු දැනගත හැකිය. ක්ෂිණ ඇමතුම් 0703533633 හෝ 0112667163 දුරකතන අංක මගින්ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...