Skip to main content

Posts

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය By  කතෘ මණ්ඩලය  //  2019 සැප් 21 වන සෙනසුරාදා    Facebook    Twitter    Google+ බැලුවෝ -  104 ගිලන් රථ නළා හඬ ඇසුණු පමණින් ශිෂ්ට සමාජය මහ මඟ ඉඩ හදාදෙති. ඒ ජීවිතයක වටිනාකමට ගරු කිරීමක් ලෙස ය. ගිලන් රථය ද ආසන්නම ප්‍රතිකාර ඒකකය වෙත හැකි ඉක්මනින් ළඟාවීමට උත්සහ දරන්නේ කලට වේලාවට ප්‍රතිකාර ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගැනීමටය. නූතන ගිලන් රථවල පහසුකම් බොහෝය. දියුණු රටවල ශල්‍යකර්ම කිරීමේ පහසුකම් පවා ගිලන් රථ තුළ සපයා දී ඇත. අතිශය හදිසි අවස්ථාවල ගුවන් ගිලන් රථ සේවයන් ද අද බොහෝ රටවල ප්‍රයෝජනයට ගැනේ. මෙම ගිලන් රථවල ආරම්භය සොයා බැලූ කල, එය වසර 275 වැනි දුරකට යයි මුලින්ම මෙය බිහිවූයේ ගිලන් කරත්ත සේවයක් ලෙස ප්‍රංශයේ ය.  දහඅට වැනි සියවස වෙන විට යුරෝපයේ රටවල් අතර මෙන් ම වෙනත් රටවල ද අභ්‍යන්තරයේ ද යුද්ධ එමට විය. මෙම සටන්වලින් බොහෝ දෙනෙකු මියගියහ. මෙම මරණවලට ප්‍රධාන හේතුව වූයේ සටනේ දී ලද බරපතළ තුවාල නොව, එම තුවාලවලට නිසි කලට ප්‍රතිකාර නොලැබීම ය. තුවාලකරුවන් යුදපිටියෙන් ඉවත් කරගැනීම සඳහා සටන නිම වෙනතුරු බලා සිටිය යුතු විය. සටන ද
Recent posts

වල් අලින්ට හිඟාකන්න පුරුදු කරන මිනිස්සු

වල් අලින්ට හිඟාකන්න පුරුදු කරන මිනිස්සු By  කතෘ මණ්ඩලය  //  2019 සැප් 21 වන සෙනසුරාදා    Facebook    Twitter    Google+ බැලුවෝ -  1001 විදෙස් සංචාරකයින් මාර්ගය අයිනේ සිටින වන අලින් දෙස බලා සිටින අයුරු සංචාරකයින් විසින් වන අලින්ට ආහාර ලබාදෙන අයුරු   “දඬු වැටට කොට අදින අලි ඇත්තු නසලා පෙරහරට දළ දිගට අලි ඇත්තු සොයන” අරුම පුදුම රටක අලි ගැන කතා බොහොමයකි. මේ කතාවත් අලි ගැන කියැවෙන අලි ප්‍රශ්නයකි.  ඉර උදාවත් එක්ක උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයේ විදුලි වැට ආසන්නයට එන අලි ආයේ සවස 6ට පමණ කැලෑ වදිති. මිනිසුන්ටත් වඩා වනජීවී වාහන හොඳින් හඳුනන අලි වනජීවී වාහන එද්දී ඒවා මඟහැර වනාන්තරයට මාරු වෙන්නට කියා දිය යුතු නැත. ඊට පස්සේ ටික වේලාවකින් විදුලි වැට ආසන්නයට එති. හෙමින් හෙමින් පාර අයිනේ ඇති කඩ ළඟ නවතින්නේ දවස ගෙවා ගැනීමට බොහෝ බලාපොරොත්තු ඇතිව විය හැකිය. කඩහිමියන් අලි බලන්න එන සංචාරකයන්ව පොලඹවන්නේ අලින්ට කෑම දීමටයි. ඒ මන්ද යත් එයින් අලි පවුලත් දරු පවුලත් රැකෙන නිසාය. උඩවලව වනෝද්‍යාන සීමාවේ ඇත්තේ අලින්ට පලතුරු දෙන්නම අටවා ගත් වෙළෙඳ සල්ය. එම කඩවල විකිණීමට ඇති පලතුරුවල මිල ගණන් වෙනත

සතුට ජීවිතය කරගත් යුරෝපයේ මිනිස්සු

සතුට ජීවිතය කරගත් යුරෝපයේ මිනිස්සු By  කතෘ මණ්ඩලය  //  2019 සැප් 07 වන සෙනසුරාදා    Facebook    Twitter    Google+ බැලුවෝ -  2485 සියල්ල සාපේක්ෂය. ලෝකයේ රට රටවල සංචාරය කරන්නෙකුට ශ්‍රී ලංකාවේ අසමත්කම මොනවට පෙනෙන්නේ එනිසාය.    ඉකුත් සතියක යුරෝපයේ රටවල් පහක සංචාරය කිරීමේ අවස්ථාවක් ලැබිණි. ඉතාලිය ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය එකී රටවල් පහයි.    මගේ සංචාරයේ පළමු රට වූයේ ඉතාලියේ රෝමයයි. විශේෂයෙන්ම වතිකානු නගරයයි. මෙයට වසර සිය ගණනකට පෙර රෝම අධිරාජ්‍යය සමයේ ඉදිකෙරුණු වතිකානුවේ, ඒ ඉපැරැණි පෙනුම රැකගන්නට වතිකානුව සමත්ව තිබිම පුදුමයකි. එහි තවමත් ඇත්තේ ගල් ඇල්ලු පාරවල්ය. තාර නැත්නම් කාපට් එලා සකසන නවීන මාර්ග පුරුදු අපට වතිකානුවේ ගල් පාරවල් අපූරු අත්දැකීම් ගෙනදුන්නේය. රෝමයේ ඉදිකෙරුණු පළමු මාර්ගය රෝම නගරයේ සිට කැපුවා නගරය තෙක් විහිදිණි. වියා ඇපියා ලෙස හඳුන්වන මේ මාර්ගය වසර සිය ගණනක් පැරණි නමුදු අදටත් හොඳ තත්ත්වයේ පවතී. හේතුව නිසි නඩත්තුවය. වතිකානුවේ ගොඩනැගිලි සහ පල්ලි ද ඒ ඓතිහාසික බව ​මොනවට රැකගත් නිර්මාණ ය. මට හැඟුණේම වතිකානුවේ නැත්නම් රෝමයේ අනන්‍යතාව වන්නේ ඒ ඓති

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය By  කතෘ මණ්ඩලය  //  2019 සැප් 14 වන සෙනසුරාදා    Facebook    Twitter    Google+ බැලුවෝ -  437 බත්පතේ මිල වැඩිවෙලා 1976 දී මන්ත්‍රීන් නාහෙන් ඇඬුවා    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රථම වරට චෝදනාවක් එල්ල වූයේ එක්දහස් නවසිය හැත්තෑහයේ වසරේදීය. පහසුකම් සහ කෑම බීම සහ නවාතැන් පහසුකම් පිළිබඳව මිල ගණන් සංශෝධනය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මෙම චෝදනාවට හේතු වී තිබිණි. එවකට පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා හා ප්‍රවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා විසින් ජාතික රාජ්‍ය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්වෙත එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර සැපයීම සහ ඒවායේ අඩුපාඩු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කැරිණි. මන්ත්‍රීවරුන්ට විශේෂ කෑමවේලක් ලෙස හැදින්වූවත් විශේෂත්වයක් නොමැති බවත් කියැවිණි. මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා අතිවිශාල වියදමක් දරන බවට අනාවරණය වීම නිසා ඒ පිළිබඳව විවාදයක් ඇතිකළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්වීය.   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පිළ

ලජ්ජා හිතෙන අධික ආශාව!

ලජ්ජා හිතෙන අධික ආශාව!   2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30   371 ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් කෙනෙක් තුළ පවතිනවා නම් එය ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිබෙනවා. හැබැයි වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් මෙයට අදාළ නෑ. දැන් අපි බලමු අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාව ඇති කරන හේතු. හෝමෝනවල වෙනස්කම් අධික ලිංගික ආවේග පළවීම හෝමෝනවල වෙනස්කම් නිසා ද හට ගැනීමට හැකියි.  ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ නිසා මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හටගත් විටද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයාබැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   113 ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු. 1. සුගත් සහ ධම්මිගේ කතාව සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස

දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්

දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   42 කුඩා දරුවන්ට රෝහල් ආශ්‍රිතව ලෙඩ රෝග වළක්වන මූලිකව එන්නත් ලබා දෙනවා. ඒ වගේම පෞද්ගලික සායනවලින් ලබාගත හැකි එන්නත්ද තිබෙනවා. අද අපි බලමු මොනවද ඒ එන්නත් වර්ග කියලා. පැපොල එන්නත පැපොල නැත්නම් Chicken pox රෝගය වළක්වා ගැනීම සඳහා Varicella Zoster vaccine නමැති එන්නත දෙනු ලබයි. එය මාස 12 සිට මාස 15 අතර කාලයේ එක එන්නතකුත් අවුරුදු 4 සිට 6 දක්වා දෙවන එන්නතත් ලෙස විදිය යුතුයි. මාස 12 -15 අතර කාලයේ මෙම එන්නත ලබා නොදුන් අවුරුදු 12 ට අඩු දරුවෙකුට පළමුවන එන්නතින් මාසතුනකට පසුව දෙවන එන්නත දෙන්න ඕන. අවුරුදු 12 න් පසුව සති 6 සිට 10ක් ඇතුළත එන්නත් දෙකක් වශයෙන් ලබාදිය යුතුයි. මෙම එන්නත පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගන්න කෙනෙක් නම් අනෙත් එන්නත් එක්කම .එක දවසේ තැන් දෙකකට වෙන වෙනම ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් එන්නතකින් මාසයකටවත් පරතරයක් සහිතව ලබාගත යුතුයි. ඉන්ෆ්ලුවෙන්සා එන්නත (Influenza vaccine) මේ වැස්ස දවස්වල මතකයට එන වැදගත් එන්නතක් තමා මේ. මෙම එන්නත මාස හයෙන් අඩු බබාලට දෙන්නේ නෑ. මාස හයේ