ඔයගොල්ලෝ ගොඩදෙනෙක් දන්නවනේ කොළඹ විශ්වවිද්යාලයේ සනාතන මන්දිරය ( කොලේජ් හවුස් එක)..
ඒක අසලින්ම වම් පසින් කොළඹ De Mel පාරට (ඩුප්ලිකේශන් පාර)යන පාර තමා රැජිණ පාර.
මේ රැජිණ පාර දිගේ යද්දී ඔයගොල්ලෝ සමහරවිට මේ සිංහයෝ දෙන්නෙක් ඉස්සරහින් ඉන්න අඩි පහළොවකට වඩා උස ගේට්ටු කණු දෙකක් තියෙන ගේට්ටුව දැකලා ඇති. මේ ගේට්ටුවෙන් ඇතුලේ වත්තේ පිළිම දකින්න පුළුවන්.
ඇත්තටම මේ සිංහයෝ දෙන්නෙක් ඉන්න ගේට්ටුව ඇතුලේ තියෙන මන්දිරය මොකක්ද??
ඒ තමයි මෝවන් මන්දිරය. (Morven House). මේ මන්දිරය ගැන පොඩි විස්තරයක් තමයි ඔයගොල්ලන්ට පහළින් කියවන්න තියෙන්නේ.
මේ මෝවන් නිවස (Morven House) හදලා තියෙන්නේ මීට වසර 130 කට පෙර ලංකාවේ සිටි ලොකුම ධනවතා වූ මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා මැතිදුන්ට අයත් ව තිබූ කොළඹ කොල්ලුපිටිය "බගතලේ වතුයායේ".
අතීතයේ ශ්රී ලංකාවේ "Grindlays Bank" හී කළමණාකරුට තමයි මේ නිවහන අයිති වෙලා තිබුණේ.
ඇත්තටම විසිවන ශතවර්ෂයට පැමිණිමේදී චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ අභාවයෙන් පසු එතුමන්ගේ සිව්වන පුත් වන තෝමස් හෙන්රි ආතර් ද සොයිසා මහතාට අයත් වූ බගතලේ වතුයායේ කොටසක තමයි මේ මන්දිරය ඉදි වෙලා තියෙන්නේ.
ක්රි.ව 1881 දී ඉන්දියා ජාතික බැංකුව කොළඹ කොටුවේ පිහිටුවනවා. මෙම බැංකුව ක්රි.ව 1921 දී මෝවන් විසින් මිල දී ගන්නවා. මෙම බැංකුව මෝවන් විසින් මිල දී ගත් පසු මෙම බැංකු දෙක ඒකාබද්ධ කරනවා "National and Grindlays Bank" නමින්. පසුව එම නමත් වෙනස් කර සරලව "Grindlays Bank" යන නාමය යොදනවා.
මේ මන්දිරයේ ඇතුළුවීමේ ශාලාවට ඇතුළු වෙන කොට කුඩා පුවරුවක් දකින්න පුළුවන්. මේ පුවරුව කාලයත් සමග දුර්වර්ණ වෙලා කියවා තේරුම් ගැනීමට අසීරූ තත්වයේ තියෙන්නේ. ඒ පුවරුවේ ඉංග්රීසි භාෂාවෙන් සදහන් කරලා තියෙන්නේ පහත වාක්යයන්.
....." Morven Hills" - "Colombo Bank House" තුල එල්ලා තැබීමට බැංකු අධ්යක්ෂක වන J.D Nimmo මහතාගේ පැතුම ඉටු කරනු පිණිස ක්රි.ව 1926 සැප්තැම්බර් 30 වන දින ඉන්දියානු ජාතික බැංකුවට තිළිණ කරන ලදී.......
නමුත් වර්තමානයේ ඉතිරිවෙලා තියෙන ප්රශ්නය තමයි මුලින්ම නිර්මාණය වුණේ මේ Morven නමින් තියෙන පුවරුවද, නැත්නම් Morven නමින් තියෙන නිවසද කියන එක....
මේ මන්දිරය තුල ප්රථම මහලට පිවිසීමට කැටයම් වලින් පොහොසත් ලී තරප්පු පේළියක් තියෙනවා. ප්රථම මහලට ඇතුළු වූ විට දකින්න තියෙන්නේ අලංකාර පිලිගැනීමේ ශාලවක්. ඒ වගේම මේ මන්දිරය තුල කුඩා කාමර, සදළුතල, බිලියඩ් කාමරයක්, විශාල කෑම ශාලවක්, කුඩා කාර්යාල කාමර සහ සේවකයන්ට වෙන්වූ කාමරද දකින්න පුළුවන්.
ක්රි.ව 1981 සහ 1982 දී බ්රිතාන්යයේ දෙවන එළිසබෙත් රැජිණගේ උපන්දිනය සැමරීම සදහා මෙම මන්දිරය තුල අති උත්කර්ෂවත් ලෙස ආලිංගන නැටුම් වලින් සමන්විත සාද දෙකක් පැවැත්වුණා. දෙවන සාදයේදී සාදයේ සත්කාරකයන් විසින් ආරාධිතයන් 200 කට රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වූවා. ඒ පහලොස් දෙනෙකුගෙන් සමන්විත තූර්යවාදන කණ්ඩායමක් මන්දිරයේ වැරණ්ඩාවේ සංගීත වාදනය කරන අතරතුර. පිළිගැනීමේ කාමරයේ එක් කෙළවරක හතරදෙනෙකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් සිටි අතර අනිත් කෙළවර තබා තිබුණේ රාත්රි සමාජශාලාවල භාවිතා කරන ඩිස්කෝ සංගීත වාදන යන්ත්රයක්. නමුත් පුදුමය කියන්නේ 200 කට අධික මෙතරම් පිරිසක් මේ මන්දිරය තුල රැස් වෙලත් බිලියඩ් කාමරය සහ කෑම ශාලාව ආරාධිතයන්ගෙන් හිස්වයි තිබුණේ!...
ගොඩාක් අමුත්තන් Morven මන්දිරයේ ආගන්තුක සත්කාර අත් විද තිබෙනවා, ක්රි.ව 1981 දී ශ්රී ලංකාවට පැමිණි ප්රථම එංගලන්ත ටෙස්ට් ක්රිකට් කණ්ඩායමද ඇතුළුව
චිකේ මේක හොරකම් කරපු සටහනක් නේද?
ReplyDeleteමේක සේලකගේ සටහනක්. නම සඳහන් නොකර අඩු තරමින් උපුටා ගන්නා ලද්දක් කියලවත් සඳහන් නොකර ,මෙහෙම දාන එක කැතයි නේද?