Skip to main content

සිංහයෝ දෙන්නෙක් ඉස්සරහින් ඉන්න අඩි පහළොවකට වඩා උස ගේට්ටු කණු දෙකක් තියෙන ගේට්ටුව

ඔයගොල්ලෝ ගොඩදෙනෙක් දන්නවනේ කොළඹ විශ්වවිද්යාලයේ සනාතන මන්දිරය ( කොලේජ් හවුස් එක)..
ඒක අසලින්ම වම් පසින් කොළඹ De Mel පාරට (ඩුප්ලිකේශන් පාර)යන පාර තමා රැජිණ පාර.
මේ රැජිණ පාර දිගේ යද්දී ඔයගොල්ලෝ සමහරවිට මේ සිංහයෝ දෙන්නෙක් ඉස්සරහින් ඉන්න අඩි පහළොවකට වඩා උස ගේට්ටු කණු දෙකක් තියෙන ගේට්ටුව දැකලා ඇති. මේ ගේට්ටුවෙන් ඇතුලේ වත්තේ පිළිම දකින්න පුළුවන්.
ඇත්තටම මේ සිංහයෝ දෙන්නෙක් ඉන්න ගේට්ටුව ඇතුලේ තියෙන මන්දිරය මොකක්ද??
ඒ තමයි මෝවන් මන්දිරය. (Morven House). මේ මන්දිරය ගැන පොඩි විස්තරයක් තමයි ඔයගොල්ලන්ට පහළින් කියවන්න තියෙන්නේ.
මේ මෝවන් නිවස (Morven House) හදලා තියෙන්නේ මීට වසර 130 කට පෙර ලංකාවේ සිටි ලොකුම ධනවතා වූ මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා මැතිදුන්ට අයත් ව තිබූ කොළඹ කොල්ලුපිටිය "බගතලේ වතුයායේ".
අතීතයේ ශ්රී ලංකාවේ "Grindlays Bank" හී කළමණාකරුට තමයි මේ නිවහන අයිති වෙලා තිබුණේ.
ඇත්තටම විසිවන ශතවර්ෂයට පැමිණිමේදී චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ අභාවයෙන් පසු එතුමන්ගේ සිව්වන පුත් වන තෝමස් හෙන්රි ආතර් ද සොයිසා මහතාට අයත් වූ බගතලේ වතුයායේ කොටසක තමයි මේ මන්දිරය ඉදි වෙලා තියෙන්නේ.
ක්රි.ව 1881 දී ඉන්දියා ජාතික බැංකුව කොළඹ කොටුවේ පිහිටුවනවා. මෙම බැංකුව ක්රි.ව 1921 දී මෝවන් විසින් මිල දී ගන්නවා. මෙම බැංකුව මෝවන් විසින් මිල දී ගත් පසු මෙම බැංකු දෙක ඒකාබද්ධ කරනවා "National and Grindlays Bank" නමින්. පසුව එම නමත් වෙනස් කර සරලව "Grindlays Bank" යන නාමය යොදනවා.
මේ මන්දිරයේ ඇතුළුවීමේ ශාලාවට ඇතුළු වෙන කොට කුඩා පුවරුවක් දකින්න පුළුවන්. මේ පුවරුව කාලයත් සමග දුර්වර්ණ වෙලා කියවා තේරුම් ගැනීමට අසීරූ තත්වයේ තියෙන්නේ. ඒ පුවරුවේ ඉංග්රීසි භාෂාවෙන් සදහන් කරලා තියෙන්නේ පහත වාක්යයන්.
....." Morven Hills" - "Colombo Bank House" තුල එල්ලා තැබීමට බැංකු අධ්යක්ෂක වන J.D Nimmo මහතාගේ පැතුම ඉටු කරනු පිණිස ක්රි.ව 1926 සැප්තැම්බර් 30 වන දින ඉන්දියානු ජාතික බැංකුවට තිළිණ කරන ලදී.......
නමුත් වර්තමානයේ ඉතිරිවෙලා තියෙන ප්රශ්නය තමයි මුලින්ම නිර්මාණය වුණේ මේ Morven නමින් තියෙන පුවරුවද, නැත්නම් Morven නමින් තියෙන නිවසද කියන එක....
මේ මන්දිරය තුල ප්රථම මහලට පිවිසීමට කැටයම් වලින් පොහොසත් ලී තරප්පු පේළියක් තියෙනවා. ප්රථම මහලට ඇතුළු වූ විට දකින්න තියෙන්නේ අලංකාර පිලිගැනීමේ ශාලවක්. ඒ වගේම මේ මන්දිරය තුල කුඩා කාමර, සදළුතල, බිලියඩ් කාමරයක්, විශාල කෑම ශාලවක්, කුඩා කාර්යාල කාමර සහ සේවකයන්ට වෙන්වූ කාමරද දකින්න පුළුවන්.
ක්රි.ව 1981 සහ 1982 දී බ්රිතාන්යයේ දෙවන එළිසබෙත් රැජිණගේ උපන්දිනය සැමරීම සදහා මෙම මන්දිරය තුල අති උත්කර්ෂවත් ලෙස ආලිංගන නැටුම් වලින් සමන්විත සාද දෙකක් පැවැත්වුණා. දෙවන සාදයේදී සාදයේ සත්කාරකයන් විසින් ආරාධිතයන් 200 කට රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වූවා. ඒ පහලොස් දෙනෙකුගෙන් සමන්විත තූර්යවාදන කණ්ඩායමක් මන්දිරයේ වැරණ්ඩාවේ සංගීත වාදනය කරන අතරතුර. පිළිගැනීමේ කාමරයේ එක් කෙළවරක හතරදෙනෙකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් සිටි අතර අනිත් කෙළවර තබා තිබුණේ රාත්රි සමාජශාලාවල භාවිතා කරන ඩිස්කෝ සංගීත වාදන යන්ත්රයක්. නමුත් පුදුමය කියන්නේ 200 කට අධික මෙතරම් පිරිසක් මේ මන්දිරය තුල රැස් වෙලත් බිලියඩ් කාමරය සහ කෑම ශාලාව ආරාධිතයන්ගෙන් හිස්වයි තිබුණේ!...
ගොඩාක් අමුත්තන් Morven මන්දිරයේ ආගන්තුක සත්කාර අත් විද තිබෙනවා, ක්රි.ව 1981 දී ශ්රී ලංකාවට පැමිණි ප්රථම එංගලන්ත ටෙස්ට් ක්රිකට් කණ්ඩායමද ඇතුළුව






Comments

  1. චිකේ මේක හොරකම් කරපු සටහනක් නේද?

    මේක සේලකගේ සටහනක්. නම සඳහන් නොකර අඩු තරමින් උපුටා ගන්නා ලද්දක් කියලවත් සඳහන් නොකර ,මෙහෙම දාන එක කැතයි නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...